Monday, January 31, 2011

සොසේජස්

ඔන්න තවත් කතාවක් කියන්න යන්නේ…මේක අහල තියන අය සමාවෙන්න

ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද?

ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල්  උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම…

ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු  මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු

” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?”

තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ තාත්තා කියනවලු  ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ”

ඇම්ඩන් ” මාරයිනේ  තාත්තේ කොහෙද එක තිබ්බේ ?”

තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් අවේ ”

( මැසිම තියෙන්නේ කොහෙද කියල හිතා ගන්න පුළුවන්නේ )

අළුත් ටීචර්

මේක වෙලා තියෙන්නෙ ගමක තිබ්බ ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙට අළුතින් තරුණ ටීචර් කෙනෙක් ආවලු. ලස්සන හුරුබුහුටි ටීචර් පොඩ්ඩ. ඒත් හරි ආඩම්බරකමකින් හි‍ටියෙ. අපි අර අහවල් එක නළලෙ තියන් ඉන්නවා කියලා කියනා ජාතියෙ එක්කෙනෙක්. ළමයින්ටත් ගුරු මණ්ඩලයටත් මේ අළුත් ටීචර් සෑහෙන ගෑස් පෙන්නුවා.

දවසක් ටීචර්ගෙ පන්තියෙ අන්තිම පේළියෙ හිටිය ඇම්ඩන් කොල්ලො ටික මරු වැඩක් කලා. පොඩි කොල කෑල්ලක පිරිමින්ගෙ අහවල් අවයවයේ චිත්රයක් ඇඳලා, අනික් පැත්තේ චුවින්ගම් එකක් අලවලා ගුරු පුටුව උඩින් තිබ්බා. පින්තුරේ යට පැත්තටත්, චුවින්ගම් එක උඩ පැත්තටත් හිටින්නයි තියන්නෙ. චුවින්ගම් එක දැන් වාඩි වෙන කෙනාගෙ පස්සෙ ඇලවෙනවා. ටීචර් ඇවිත් ඔය වගක් නොදැන පුටුවෙ වාඩි වුණා. දැන් ටීචර් ඇවිදින්නේ පිරිමින්ගෙ අහවල් අවයවයෙ පින්තුරයක් පස්සෙ එල්ලගෙන. දකින දකින ළමයි විතඑක් නෙවෙයි ගුරුවරුත් හිනා වෙනවා. හිතා ගන්න පුලුවන්නෙ ටීචර් පස්ස නළව නළව ඇවිදිනකොට අර පින්තුරේ පැද්දි පැද්දි යන හැටි. ටීචර්ටත් ටික වෙලාවක් යද්දි තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා තමයි කියලා. කොහොම හරි පැය දෙකකට විතර පස්සෙ ටීචර් වෙලා තියෙන දේ හොයා ගත්තා. ටීචර්ගෙ මූණ රතු වෙලා දෙක වෙලා. අඬන්න ‍වගේ. කේන්තියෙන් වෙව්ලනවා.

ටීචර් පන්තියම එක්ක ගියා විදුහල්පතිකුමා ගාවට අද උඹලව ඉවර කරනවා කියලා. ගිහින් වෙලා තියෙන දේ කියුවා. දැන් අන්තිම පේළියෙ සෙට් එක විතරක් නෙවෙයි පන්තියම බය වෙලා. මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බෑ කට්ටියට.

විදුහල්පතිතුමා ළමයි ගාවට ඇවිත් ටිකක් අවවාද කරලා, ආයෙත් මේ වගේ දේවල් සිද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා, ළමයින්ට පන්තියට යන්න කියුවා.

දැන් ටීචර්ට විදුහල්පතිතුමා එක්කත් නහුතෙට කේන්තියි. ලැජ්ජාවත් එක්ක. ටීචර් කොල්ලො ටික එක්ක ආවෙ අද උඹලට හොඳ පාඩමක් උගන්නනවා කියලනෙ.

ටීචර් විදුහල්පතිතුමාට මෙහෙම කියනවා,

‘සර් දුන්න දඬුවම නම් හොඳටෝම මදි. මුන්ව කෝටු මස් කරලා, දෙම්ව්පියන්ට හෙට ඉස්කෝලෙට ගෙන්නලා, මාසයක් පන්ති කහනම් කරන්නනෙ තිබ්බෙ, මුන් කරපු පාහර වැඩේට. . .` ටීචර්ට හොඳටම මල පැනලා නන්ස්ටොප් කියවනවා. ඇයි දෙයියනේ හෙට වෙද්දි ගමම දැන ගන්නවානේ ටීචර්ට වෙච්චි සිද්ධිය.

විදුහල්පතිතුමා සන්සුව මෙහෙම ඇහුවා. `මිස් දැන් කොච්චර වෙලාවක් විතර ඕක එල්ලගෙන හිටියද?`
`පැය දෙහෙකටත් වැඩියි සර්. මහ ජරා සත්තු ටිකක් සර්. පැය දෙකක් යනකම් එකෙක්වත් කියුවෙ නැහැනෙ. මම ඉස්කෝලෙ හැම තැනමත් ගියා. මේකෙ ඉන්න ගුරුවරුත් මුන්ටම හරියන උන් තමයි. එකෙක් කියුවෙ නැහැනෙ.`

විදුහල්පතිතුමා කට කොනට හිනාවක් අරන් ඇඟට පතට නොදැනෙන්න මෙහෙම කියුවා.
`පැය දෙකක් ඕක එල්ලගෙන හිටියා කියලා මොකට ඔච්චර තරහ ගන්නවද? මම උපන් දවසෙ ඉඳන් අවුරුදු පනස් දෙකක්ම ඕක එල්ලගෙන මේ යස අපූරුවට ඉන්නෙ.`

ඇඳේදි තෘප්තිමත් නෑ!!!

අමාරිස් තරමක් හැඩිදැඩි මිනිසෙකි. කුලී වැඩ කර ජීවත් වන ඔහු විවාහකයෙකි. ඔහු විවාහ වී අවුරුදු 3ක් පමණ වන අතර ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිති. අමාරිස් තරමක් කළු වුවත් ඔහුගේ දරුවන් දෙදෙනා තම දෙමව්පියන්ට වැඩිය බොහෝ පැහැපත්ය.


අමාරිස් තම බිරිඳ සමඟ දිනපතා දබර කරගත්තේය. ඔහුගෙ මෝල්ගස්වැනි අත්වලින් ගුටිකෑම දරාගත් නොහැකිව ඔහුගේ බිරිඳ දිනපතා අසල්වැසි නිවාස වලට ගොස් රැකවරණය පැතීය. මෙය අමාරිස්ගේ බිරිඳට මෙන්ම අසල්වැසියන්ටද මහත් හිසරදයක් විය.
දිනක් ඔහුගේ වදය ඉවසාගත් නොහැකිවූ බිරිඳ අසල්වැසි කාන්තාවකගේද් පිහිට ඇතිව පොලීසියට ගොස් ඔහු පිළිබඳව පැමිනිලි කලාය. පොලීසිය දෙදෙනාවම පොලිස් ස්ථානටය ගෙන්වා සමාදාන කිරීමට උත්සාහ කලද ඔවුන් දික්කසාද වීමට තීරණය කලහ.


උසාවියෙදී…

විනිශ්චයකරු :
ඇයි ඔබ මොහුගෙන් දික්කසාදය ඉල්ලා සිටින්නේ??


බිරිඳ : ස්වාමීනි, ඔහු මට දිනපතා හේතුවක් නැතිව පහර දෙනවා, මේ මිනිහා ගෙදර ආවම මට කිසි නිදහසක් නෑ. අපායෙ වගේ ඉන්නෙ. මට මෙහෙම ජීවිතයක් ඕනා නෑ!!


විනිශ්චයකරු : මැය පවසන්නේ සත්‍යක්ද??


අමාරිස් : නෑ ස්වාමීනි!, මම එහෙම හේතුවක් නැතිව කවදාවත් ගහල නෑ.


විනිශ්චයකරු : එසේනම් කුමන හේතුවක් පදනම් කරගෙනද තමුන් මැයට පහර දුන්නේ??


අමාරිස් : ස්වාමීනි, මේ ගෑනි මාව කවදාවත් ඇඳේදි තෘප්තිමත් කරන්නෙ නෑ!!


විනිශ්චයකරු : මොහු පවසන්නේ සත්‍යක්ද??


බිරිඳ : මලසමයං ස්වාමීනි!,  අපේ මුලු කොළනියම තෘප්තිමත් මේ සද්ධන්ත මෝඩයට විතරයි අවුල!!!

Pizza Hut



මේක නම් ඇත්තටම ඇත්ත කතාවක්,හැබයි මට වුනු සිද්දියක් නම් නෙමෙයි,,,ඉස්කෝලෙ යන කාලෙදි  සිරාවටම වුනු සිද්දියක්……


දැන් වුනත් අපේ ගෙදරදි යාලුවො ටික සෙට් වුනාම මේ වගෙ සිද්දි අම්බානක එලියට එනවා….ඔන්න හාස්‍ය රසය මදි නම් ඉතින් පොඩ්ඩක් සොරි වෙන්න ඕනි,කථාවෙ වැරැද්දක් නම් නෙමෙයි,,,,ලියන විදිහෙ පොඩි අවුලක් තමා …..
අනික මේ සෙට් එකේ කතා සෑහෙන්න තියනවා මදි නොකියන්න…….මෙක සිද්ද වෙලා තියෙන්නේ කස්ටිය සෙට් වෙලා වලට ක්ලාස් යන කාලෙ,,,
කතාව කියන්න කලින් කට්ටිය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්,,,,මතක හැටියට ‘අතා,කුරුල්ලා,බොනපාට්,ජයා,සමරෙ…ම්ම්ම්’
අනික් සිද්දි වල වගේම මේ සිද්දියෙත් කතා නායකයා තමා ‘කොටා…’සෙට් එකේ හොඳම චරිතය තමා මෙයා…….
අනික් එක තමා සෙට් එකේ හැමෝටම විශේෂ පොදු සමානතාවයක් තියනවා,,,,ඒ තමා අර කොමන් සෙන්ස් කියල කියන්නෙ,,අන්න ඒක මේ කට්ටිය අහලවත් නැති එක….ආයෙ ඉතින් මකලා වත් හදන්න බෑ ඒක නම්….
බොරු නෙමෙයි අදටත් ඒක ඒ විදියටම තමා…..
මෙන්න එහෙනම් පළවෙනි කතාව…..
pizza hut
මං හිතන්නෙ මේක සිද්ද වෙලා තියෙන්නේ AL ක්ලාස් පටන් ගත්ත අළුත වගේ …..
කස්ටිය ඉතින් හැම එකේම ඉතින් නුවර පැත්තෙ තමා ක්ලාස් ගියෙ.
දවසක් ක්ලාස් ඉවරවෙලා එනගමන් “කොටා” අයිඩියා එකක් දාලා තියනවා pizza hut එකට යමු කියල….
හැබයි ඉතින් ජීවිතේට කොටා මේ ගැන අහලා මිසක් දැකලවත් තිබිලා නැතිලු කියන හැටියට…කොහොමෙන් කොහොමෙන් හරි කස්ටියම බ්‍රේක් එකක් හම්බ වුනු ගමන් pizza hut එකටත් ගොඩ වුනා කියමුකෝ…ඇතුලෙදිනම් දෙවියනේ කියලා කට්ටිය වැඩිය අපහසුතාවයට පත් වෙලා නෑ,,පොඩි හරි සිද්දියකට වෙලා තියෙන්නෙ එකෙක් සෝස් ටිකක් හලා ගත්තු එක විතරලු…කඩ්ඩෙන් කොටන්න ගිහිනුත් මොකක්දෝ උනා කියලා මතකයකුත් තියනවා තියනවා වගේ….
හොඳම හරිය තමා දැන්,,,
කට්ටිය ඊට පස්සෙ දවසෙ ඉස්කෝලෙට යනවලු,,,,සෙට් එකේ එකෙක් ඉතින් දැන් ඉස්කොලේට ඇතුල් වෙන කොටම ඇතුලෙ හිටපු තව එකෙක් නිකන් කන්න වගේ බලලා බකස් ගාල හිනා වෙලා,,,,තව එකෙක් ගේට් එක පහු කරල ටික දුරක් යද්දි “ආඃ ඉ***……ඊයෙ පීසා හට් එකක් කැවලු නේ…..” කියලා නිකන් චාටර් විදියට බලලා ගියලු,,,හප්පා දැන් මූට තේරිලා කවුරු හරි එකෙක් ගම කාගෙන තමා කියලා,,,ඒත් ඉතින් මූ කියල මොනවා කරන්නද…මොකක් උනත් පන්තියට යන්න වෙනවනේ කියල පන්තියට ගියාලු…
පන්තියට යනකොට මුලු පන්තියෙම ඉන්න හැම ගෝතයම අහනවලු,,,
“ආඃ ඉ*** උඹත් පීසා හට් එකක්ම කෑවද කියල…”
බලනකොට කොටා ඉන්නවලු පැත්තකට වෙල රතු වෙලා…..ඌ උදේ පාන්දර ඇවිත් පොර වගේ කියල..
“ඊයෙ අපි සෙට් එක ‘පීසාහට්’ ගිහින් ‘පීසාහට්’ කෑවා කියල…”
මූ මෙච්චර වෙලා හිතන් ඉඳලා තියෙන්නෙ පීසාහට් කියලා කෑම වර්ගයක් තියනවා කියලා….මොනවා කියල කරන්නද ඉතින් TV commercial  එකේ දාන්නෙත් pizzahut කියල ලුනෙ,,,(ඌම තමා ඒක කීවෙත්)
පන්තියෙ එවුන්ට ඉතින් ආයෙ එදා වෙන මුකුත් ඕනි නැතිලු ඉතින් ඕකට නෝන්ඩිය දානව ඇරෙන්න,,,,
ඉතුරු කට්ටියත් එනකම් තමා බලගෙන ඉඳලා තියෙන්නෙ,,,
තව ටික වෙලාවක් ගියාට පස්සෙ ‘පීසාහට්’ කාපු සෙට් එකේ තවත් එකෙක් එනවලු,,,හැබැයි මූ පන්තියට එන්න කලින් ඉඳලම සිද්ධිය  දන්නවලු,,,කොටා කරගත්ත ඛේදවාචකය,,,,මූත් ඉතින් දන්නෙ නෑ වගෙ ඇවිල්ල කොටා ගාවින් වාඩි වෙල ශේප් එකේ නොන්ඩියට වගේ ඇහුවලු,,,
“මචන් කොටෝ එලනේ මචන් ඊයෙ කාපු පීසාහට් එක..මොකෝ කියන්නෙ තව දවසක සෙට් වෙමුද කියලා”
ඒක කීවා විතරයි කොටා මුගෙ බෙල්ලෙන් අල්ලගෙන පැත්තකට ගිහින්,,,,ආපහු විනාඩි පහකින් විතර පරක්කු වෙලා ආපු එකා එනවලු නිකන් හොල්මන් වෙලා වගෙ ලුක් එකක් දාගෙන,,,,
එකෙක් ඌ ගාවට කිට්ටු වෙල ඇහුවලු ඇයි බන් මොකෝ සීන් එක උඹට අරූ  කීවෙ මොනවද කියල…
එතකොට අනික් එකා කියනවලු,,,”අඩෝ ඉ***, මම නිකන් ඌට නෝන්ඩියට එහෙම කීවෙ,,,ඒ වුනට මචන් ඉ*** මූ මාව පැත්තකට ගෙනිහින් කියනව….”
“ඒ උඹ දැන් ආවනම් පන්ඩිතය වගෙ කියවන්නෙ නැතුව ඉඳපන්,,,යකෝ හරි වචනෙ ‘පීසාහට්’ නෙමෙයි,,,අපි කෑවෙ pizza,,,ඒව තියෙන්නෙ  Pizza Hutඑකේ,,,දන්නෙ නැත්නම් අහගනින්…මාත් ඕක දන්නෙ නැතිව කියල උදේ ඉදන් හොඳ…ට නෝන්ඩි වෙලා ඉන්නෙ ,,,උඹ මොනා උනත් මාත් එක්ක ඊයෙ ගිය හින්ද කියන්නෙ,,,උඹ චාටර් වෙනවට මං කැමති නැති නිසා “කියල….
ඉතින් ඌට ඒක අහලා හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරිවෙලා…..

බල්ලගෙ ජාතිය

මේ කතාවත් ගොඩාක් කාලෙකට කලින් වෙච්ච ඇත්තම සිද්දියක් ,,, කලින් දවසක දාපු   pizza hut එකෙදි සෙට් වෙච්ච කට්ටියම තමා මේ සිද්දියෙත් ඉන්නෙ,,,

දවසක් මායි ‘කුරුල්ලයි’(උගෙ අන්වර්ථ නාමය ) යාලුවෙක්ගෙ ගෙදරකට සෙට් වෙලා අපි තුන් දෙනාම ෂේප් එකේ ටවුන් එක පැත්තට යනවා,,,,ඒ යාලුවගෙ අසල්වැසි ගෙදරක ඉන්නවා මරු බල්ලෙක්,,,,, මේ දඩෝරිය සෑහෙන සයිස්….

මෙයාගෙ වර්ගෙ ඇවිල්ලා great den ,දන්නවා ඇතිනෙ මේ වර්ගෙ බල්ලන්ගෙ සයිස් එක,නිකන් දැක්කම බය හිතෙනවා,,,,,අපි ඒ ගෙදර ගාවින් යනකොට ඌ ගෙදර ඉන්න පොඩි එවුන් දෙන්නෙක් එක්ක හොඳට සෙල්ලම…ඉස්සරහ මිදුලෙ තව ඒ පවුලේ කීප දෙනෙකුත් ඉන්නවා,,,,බල්ලව පහු කරන් අපි යන්න කලින් මම කුරුල්ලට විතරක් ඇහෙන්න(ගෙදර අයට ඇහුනොත් මට හරි නැහැනෙ ) කුරුල්ලගෙන් ඇහුව ඌට ඇඩ් එක දෙන්නත් එක්ක,, 


 
“හා පුලුවන්නම් කියපන් මේ බල්ලගෙ වර්ගෙ මොකක්ද කියලා” නිකන් නෝන්ඩියට වගේ මම ඇහුවෙ ,,
මොකද මම දන්නවා ඉතින් කැලේ ඉන්න නරි මිසක් මූ වෙන සතෙක් ගැන දැනගෙන ඉන්න විදියක් නෑ කියල.

ඌත් මා දිහා කැත විදිහට බලලා කියනවා…..(අර බල්ලගෙ අයිතිකාර ගෙදර කට්ටියටත් ඇහෙන්න හෙන සද්දෙන් )

“අ………..උඹ හිතන් ඉන්නෙ මං දන්නෙ නෑ කියල නේඃ…හඃ අඩෝ ඔය වගේ එකෙක් අපේ ගෙදර ගාවත් ඉන්නව හරිද,,,, මුන් ඇවිල්ල ඩැල්මැටියොන්“…….

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ,,,, හප්පා………………. ඒ ගෙදර කට්ටිය අපිට පශ්චාත් ප්‍රදේශයෙනුත් එක්ක හිනා වෙන්න ඇති ඒක අහල,,,

වෙලා තියෙන්න මේකයි,,පත්තරවල එහෙම යනවනෙ සුරතල් සුනඛයන් ගැන විස්තර ඒවගෙ තියනවනෙ Dalmatian කියල බල්ලො වර්ගයක් ගැන ,,,අපේ කුරුල්ලා අර බල්ලව දැක්ක ගමන් හිතල තියෙන්නේ මූත් ඒ වර්ගෙම එකෙක් කියලා,,,ඒකයි බය නැතුව අර විදිහට කියල දාල තියෙන්නෙ,,,හැබැයි හොඳම සිද්දිය තමා පත්තරවල  තියෙන්නෙ dalmatian කියලනේ,,ඒ වුනාට මූ pronounce කරල තියෙන්නෙ ඩැල්මැටියොන් කියලා,,,,කවුද ඉතින් දන්නෙ මෙව්වා මේ විදිහට  වෙයිද කියලා……”:පී
————————————————————————————–
මේ කතාව අහල අපේ කොටා කියනව,,,,,
“අනේ පලයල්ල බං යන්න..එහෙම කොහොමද බල්ලො එක එක ජාතියෙං ඉන්නේ ,,,මං දන්නෙ නැත්ද බල්ලො ගැන,,.

බල්ලො ඉන්නෙ වර්ග දෙකයි..”

“එකක් පොලිස් බල්ලො අනික් එවුන් වල් බල්ලො….”

“උඹල නිකන් ගොං කතා දාන්නෙ නැතුව ඉඳහල්ලා,” ………………ඔන්න කොටාගෙ specialist  සුනඛ දැනුම.

ලෝකාන්තෙන් පැනපු විදුහල්පති !!!

මෙය මට මීට අවුරුදු 7කට පමණ පෙර අසන්නට ලැබුනු සත්‍ය සිදුවීමකි.

මෙය ගම්බද පෙදෙසක වූ පාසලක වු සිද්දියකි. මෙම පාසලට අලුත් ගුරුවරියක් පත්වීම ලබා ආවාය. ඇය අවිවාහක තරුණියකි.


එම පාසලේ ගුරු නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොතිබුණි. මෙම ගුරුවරිය පත්වීම ලබා පැමිණි දිනම තමාට නවාතැන් ගැනීමට සුදුසු තැනක් සොයා බැලුවාය. නමුත් එදින ඇයට පාසල් සිසුවියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලැබිනි.


ඊට පසු දිනද ඇය පාසල් සිසුන්ගෙන් හා ගමේ උදවියගෙන්ද නවාතැනක් ලබාදිය හැකි තැනක් පිළිබඳ විමසා සිටියද කිසිම පලක් නොවින.

ඇය අවසානයේ විදුහල්පති හමුවී මේ පිළිබඳව විමසා බැලුවාය. නමුත් ඔහුද කියා සිටියේ තමා දන්නා අයුරින් ගමේ නවාතැන් ලබාදෙන තැනක් නැති බවය. විදුහල්පතිද එම ගමේ අයෙක් නොවීය.

“සර් මේ ගමේ කෙනෙක් නෙවෙයිනෙ?, ඉතිං සර් කොහෙද නැවතිලා ඉන්නෙ??” යැයි ගුරුවරිය විදුහල්පතිගෙන් ඇසීය.

“මිස් වගේම මමත් මෙහෙට ආපු දවස්වල ඉන්න තැනක් හොයලා හුඟක් මහන්සි උනා. බැරිම තැන මම ඉස්කෝලෙ මුල්ලෙ පාවිච්චි නොකර තිබුනු කාමරයක් ළමයින්ට කියලා සුද්ද කරගෙන් ඇඳයි මේසයයි දාගෙන කාමරයක් හදාගත්තා. මම එදා ඉඳන් අද වෙනකන් අවුරුදු දෙකක් තිස්සෙ ඒකෙ තමා ඉන්නෙ.” විදුහල්පති පිළිතුරු දුනි.

“ආහ්!, සර් ඒ වගෙ පාවිච්චි නොකරන තව කාමර තියෙනවද මෙහෙ?, එතකොට මටත් ඉස්කෝලෙම ඉන්න පුළුවන්නෙ..” ගුරුවරිය ඇසීය.

“නෑ මිස්, තිබුනෙ එකම කාමරයයි… මිස් වැරදියට හිතන්න එපා මම මෙහෙම කිව්වයි කියලා, මම ඉන්න කාමරේ තියෙන්නෙ ලොකු ඇඳක්, මිස්ගෙ අකමැත්තක් නැත්තම් අපි ඇඳ දෙකට බෙදගෙන ඉමු!” විදුහල්පති කීය.

විදුහල්පතිගේ යෝජනාව අසා ගුරුවරිය පුදුම වූවාය. අනික විදුහලිපතිද අවුරුදු 32ක පමණ අයෙකි. මද වේලාවක් කල්පනා කල ගුරුවරිය තමාට වෙන විකල්පයක් නැතිබව තේරුම්ගෙන විදුහලිපත්ගේ යෝජනාවට එකඟ වුවාය.

මේ ආකාරයෙන් අලුත් ගුරුවරිය හා විදුහල්පති ඇඳ මැදට වැඩිපුර කොට්ට දෙකක් දාමා ඇඳ දෙකට වෙන කරගෙන එකම කාමරයක විසූහ. මේ අකාරයෙන් මාස 6ක් පමණ ගත්විය.




පාසලේ පළමු හා දෙවන ශ්‍රේණිවල ළමුන් ලෝකාන්තයට අධ්‍යාපන චාරිකාවක් ගියහ. අලුත් ගුරුවරිය 2වන ශ්‍රේණියේ පංතිබාර ගුරුවරිය වූවාය. අධ්‍යාපන චාරිකවට විදුහල්පතිද සහභාගී විය.
ලෝකාන්තෙයෙ වූ සැඩ සුළඟට එක් ළමයෙක්ගෙ තොප්පිය ගැලවී ගොස් ලෝකාන්තය පල්ලමට වැටිනි. තම තොප්පිය අහිමිවූ ළමයා අඬන්නටවිය. ඔහුගේ පංතිබාර ගුරුවරිය වූ අලුත් ගුරුවරිය කොතෙක් උත්සාහ දැරුවද ඔහුව සැනසීමට නොහැකි විය.

මෙම දැක එතෙන්ට පැමිණි විදුහල්පති, “ආහ් ඔය ළමයා අඬන්න එපා ඉන්න මම පැනලා තොප්පිය අරං දෙන්නම්” යැයි පැවසීය.


මෙය ඇසු අලුත් ගුරුවරිය මෙසේ කීවාය, “කොට්ටෙන් මෙහාට පනින්න බැරි මිනිහා කොහෙද ලෝකාන්තෙන් පනින්න යන්නෙ!” කීවාය.

Friday, January 28, 2011

ලොරියට නමක්

නම වල මුල් අකුරු හින්දා වෙන සීන් ඕන තරම් තියනවා. ඒ වගේ කතාවක් කලින් මෙතනත් ලියල තිබ්බා.ඔය වගේ ප්‍රසිද්ද සීන් දෙක තුනක්ම තියනවා. මම දන්න හොඳම එක කියන්නම්.
පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.
පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.
ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.
අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි ලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.
ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
………………………………
ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු  ” කියලා.
“එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.
එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.
යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.
“කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.
“ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.
“මේ… ඇහුනද,  හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”
පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා
“ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”
“නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන  සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”
එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”
හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”
“අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.
“ඔව් ඇයි”
“නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”
ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා.

අක්කාගෙ ආදායම

මේ කතාවනම් ගොඩක් කට්ටිය අහලා ඇති කියලත් හිතෙනවා. අහලා නැති අයත් හිටියොත් කියලා ඔන්න ඔහේ ලියලා දාන්න හිතුනා. මෙකත් අහපු කතාවක්. ඔය කට්ටිය සෙට් උනහම කියන කතා. සත්‍ය අසත්‍යතාවය ගැන නම් වගකියන්න බෑ. මෙන්න කතාව.
ඔන්න එකොමත් එක ගමක හිටියලු දුප්පත් පවුලක්. පවුලේ හිටියෙ අම්මයි, තාත්තයි, අක්කයි මල්ලියිලු. හැමදාම මෙහෙම ඉදලා හරියන්නෙ නැ, කවදහරි අපිත් ලස්සනට ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලට ඉන්න ඕනෙ කියලා හිතලා අක්ක මලෝ දෙන්නා ගියාලු රට රස්සාවකට. දෙන්නම ගියේ එකම රටටලු. ඔන්න ඉතින් දෙන්නම හරි හම්බ කරල ගෙදරට සල්ලි එහෙමත් එව්වලු. මාස කීපයක් යද්දි අක්කා එවන ගාන ටික ටික වැඩිඋනාලු. අම්මට ඉතින් හරිම සංතෝසයිලු දුවගේ මේ දියුණුව ගැන. එවගේම අම්මට බොහොම කනගාටුවක් බයක් ඇති උනාලු පුතා ගැන. මාස 8ක් 9ක් ගියත් අක්කා වගේ එවන ගානේ එහෙම කිසිම වෙනසක් නෑලු.
අම්මා හිතුවලු මූ එහෙට වෙලා පිස්සු කෙලිනව කියලා. කියන්න බෑනේ කොල්ලන්ට ඉතින් නිදහස හම්බ උනහම sure නෑනෙ. ඒ නිසා අම්මා අවවාද කරල ලියුමක් යැව්වලු පුතාට. අක්කව ආදර්ශයට ගනින්. වැඩ කරන තැන මිනිස්සු හොදින් තියාගෙන පඩි නඩි එහෙම වැඩි කරගනින් අක්කා වගේ. බොරුවට සල්ලි එහෙම නහස්ති කරන එපා. බලපන් අක්කා මහන්සි වෙලා උඹ එවනවා වගේ දෙතුන් ගුණයක් සල්ලි එවනවා ගෙදරට. මට පේන විදිහට උඹ සල්ලි නහස්ති කරනවා. ඔය වගේ හෙන talk ගොඩක්ලු මුලු ලියුම පුරාම. කොල්ලට මල පැන්නලු.මල පැන්න පාර මූ එව්වලු ලියුමක් බොහොම කෙටියෙන් අම්මට කට උත්තර නැති වෙන්න. ” අක්කට තියන ජාතියේ අහවල් එකක් මටත් තිබ්බ නම් මමත් එවනවා තුන් හතර ගුණයක්. කරුමෙට මට එහෙම එකක් නෑනෙ. එනිසා වැඩිපුර පඩිත් නෑ” කියල.
අනිවාර්යයෙන් ගොඩක් කට්ටිය මේ කතාව අහල ඇති. අනික මේකෙ එක එක version එහෙමත් ඇති. මතක හැටියට අන්තිම පේලියට කවුරුත් මේක ලියලා තිබුනේ නෑ. එකයි ලියන්න හිතුනේ. අහල නැති කවුරු හරි හිටියොත් කියලා.

නමෝ විත්තියෙං ඔන්න බණ කතාවක්….

හා හා පුරා කියලා අන්තිම පේලියට බණ කතාවක්ම ලියන එක හොඳයි කියල මම හිතුවා,සිංහල අපි ඉතිං ඕනම කර්තව්‍යයක් පටං ගන්නෙ බණක් කාරිය කියල නෙව
මෙතන හැබැයි පොඩී පුරස්නෙකට තියෙන්නෙ මේක අර බණ ස්ටයිල් එකෙන් ලියන අසභ්‍ය කතා තියෙන්නෙ ( එහෙම කැටගරි එකක් තියේනම් ), අන්න ඒ ගොඩට තමයි වැටෙන්නෙ,ඉතිං මුලිංම කියල හිටින්නං පොඩි ළමයි එහෙම ඉන්නවනම් මෙතනින් එහාට කියවීම සපුරා තහනම්, හරී?
මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි, දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්,
පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ…. මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො,
ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, “ඒයි……. ඒයි….. මේ …. මේ……” කියාගෙන,මනුස්සය හින්ද  උඹ කුද ගහගනිං කියන්ඩත් බැහැ නෙව,අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ “මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල් ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා………….” කියලා ඇඳන් ඉන්න වස්තරේ ගලවනවා, පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව,  ඊට පස්සෙ දෙන්නම බුදි, ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ,

දැං තමයි ඇත්තටම බණ කතාවට එන්නෙ,

එදා ඇසළ පුර පෝය දවසෙ පංසලේ බණ, සෙනග ඊස් මීස් නැහැ, බණ ගෙයි පිරිල, එලියෙ හිටං, ලොකු හාමුදුරුවො බණ කියනවා, අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉන්නව,
ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම, පව්, වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා, ටික ටික සද්දෙ වැඩි උනා,ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා , මොන….. එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව,
බැරිම තැන හාමුදුරුවො බණ නැවැත්තුවා, ඒ කරල පීතර අයියා දිහා බැලුවා, පීතර අයියටත් වස ලැජ්ජාව, බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන,පීතර අයියා කරපු වැඩේ, “ඒයි..ඒයි…..මේ……” කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා,

අනේ පිංවතුනි, ඔන්න බලන්න, සිදුවූ  විපැත්තියක මහත, පීතර අයියා මෙසේ “ඒයි…. ඒයි…. මේ….” යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි,
එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස “මොන මළ කරදරයක්ද මන්දා…………… ආ ,ඉඳා” යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ……. ප්‍රදේශය නිරාවරණය කලාහුය,
ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වටාපත ගෙන මුහුණ වසාගත් සේක,
බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය,

ඔන්න ඉතිං බණ කතාව නම් අහවරයි,
තව ටිකෙං මේ ටික අමතක වෙනව, එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ,

මඟුල් ගෙදර කවි – දඬුවම් දීම

කාලෙකින් කතාවක් ලියන්න ඉස්පාසුවක් තිබ්බේම නෑ. ඒත් දාන කතා සේරම ඇවිල්ලා කියවලයි ගියේ. ඇඩ්මියා අපිත් සයිට් එක දාලගිහින් කියලා පොඩි ගෝරනාඩුවක් දාල තිබ්බා. එහෙම එකක් නං නෑ. ඒත් ලියන්න කතා නොතිබ්බ හින්දයි වැඩ වැඩි හංදයි වැඩිය ආවේ නෑ.
මේක ඉස්සර අහපු කතාවක්. කියවල බලමු, මෙලෝ රහක් නැතිවෙයිද දන්නෙ නෑ.
කතාව මඟුලක් ගැන. මගුල් ගෙදර දාට ඉතින් මනමාලිට පුදුම වදයක්නෙ දෙන්නෙ. ( පේෂල් ද, මේකප් ද, තව අරකද මේකද මදිවට දවසම අර මල් පොකුරකුත් උස්සන් ඉන්න එපයි ) වෙලාවකට ගෑනුමනෙ ඕව පුරුදු කරගෙන ඉන්නෙ.., හොඳ වැඩේ කියලා හිතෙනවා. ඒකට කොල්ලො. වෙනදට අඳින සූට් එකම (අලු එකක් තමා) පොඩ්ඩක් මැදල උඩින් කෝට් එක දැම්මා, මලක් ගැහුවා. සිම්පල් ප්ලෑන් එකක්.
ඉතින් මෙහෙව් මඟුල් ගෙදරක් ගමක තිබ්බා. මනමාලිව පුන්චි කාලෙ ඉඳන් දන්න ගමේ කෙනෙක් මේ මඟුල් ගෙදර ආ වෙලාවෙ දැක්කා මනමාලිගෙ මහන්සි පාට මූන. මිනිහා කවිකාරයා. කාටත් ඇහෙන්න කීව මෙහෙම.
සුදුවන් රන් මනාලිය නෙක සලු පිළි අන් දා
මෙතරම් වද දිදී කොහි ගෙන යනවද මන් දා
මඟුල් ගෙදරට ඇවිල්ලා හිටියා ලාස්ට් රෝ ඩයල් එකක්. ( ඒ කිව්වෙ කට කැඩිච්ච එකෙක්. :D ) මිනිහා මෙහෙම කිව්වා.
පොඩි කාලේ ඉඳන් ගෙයි දඟ වැඩි හන් දා
දඬුවම් කරන්නට යනවලු උල ඉන්        දා
—————————————————————
කතාව තේරුනාද  මන්         දා.
තේරුනු උන්ට : චී… විතරක් උඹල වගේ ජරා එවුන් ටිකක්. කුනුහබ්බයක් කියනකොට මීටර්.

Wednesday, January 26, 2011

හචින් ලෙඩේ…

සාමය සතුට සෞභග්‍ය පිරි සියලු පැතුමන් ඉටුවන…. සුබම සුබ අලුත් අවුරුද්දක් කියල සෙට් එකටම කියල මේ කියන්න යන්නේ…. ඊයේ රෑ නිව් ඉයර් එක සෙලිබ්‍රටේ කරද්දී කනට වැටුණු කබ්බ කුණුහරුප  story  එකක්… එක නිසා දැන් ඔන්න හොඳ ළමයි ඉන්නවනම් මෙතනින් එහාට කියවන්න එපා ඕන්…. මේක ඉන්ටෙර්නෙට් එකේත් තියෙනවා හැබැයි සිංහල version එක මම වෙන්න ඕනේ ඉස්සෙල්ලම ලියන්නේ…. :D

ඔන්න එක මැදිවියේ mans  කෙනෙකුයි තරුණ පහේ කෙල්ලෙකුයි ප්ලේන් එකක පළමු පන්තියේ යනවලු… උන්ගේ නම් ගම් යන දිහා අදාළ නැති නිසා ඒවා අහන්න එපා ඔන්න… පළමු පන්තියේ යනවා කියන්නේ ටිකක් එක්තරා විදිහකට යන්න ඕනේ… මොකෝ ඒක ටිකක් එක්තරා level එකක කස්ටිය තමයි යන්නේ… වැඩිය සද්ධබද්ධ  දාන්නේ නෑ… දැන් ඔන්න අපේ මැදිවියේ පොර පොතක් කියෝගෙන shape එකේ ඉන්න කොට අර කෙල්ල එකපාරටම තඩි හචිමක් ඇරියලු… (මම හිතන්නේ හරි වචනේ “කිවිසුමක්”) ඊළඟට ටිසු (අර පොෂ් කඩදාසි ලේන්සු :D)  එකක් අරගෙන නහය පිහිද ගන්නවලු…. ඊළඟට  තත්පර 10-15 විතර අර කෙල්ල නිකන් වෙව්ලලා නිකන් සරාගී ටොන් එකක් දෙනවලු… දැන් අපේ බුවාට මේක හෙනම upset  ලාස්ට් පාර්ට් එක තේරෙන්නේ නෑලු…. ඌ හරි හොඳ බබෙක් වගේ…. :D ටිකක් වෙලා කල්පනා කොරල ආයේ තමන්ගේ පොත දිහාට හැරුනලු…. විනාඩි 15කට  20කට පස්සේ ආයේ අර කෙල්ල තව හචින් එකක් ඇරියලු… ආයේ ටිසු පාර්ට් එක…. ඊළඟට අර සරාගී ඇක්ෂන් ටොන් එක… දැන් අපේ කොල්ලට මේක හෙනම ප්‍රශ්නේ… 3වෙනි පාර්ට් එක ඌට තේරෙන්නේ නෑ…. තව ටිකක් කල්පනා කලාලු… ම්ම් කිසි දෙයෙක් ඔලුවට එන්නේ නෑලු ඉතින් ආයේ පොත කියවන්න පටන් ගත්තලු…. වැඩි වෙලාවක් ගියේ නෑ අර කෙල්ල 3වෙනි හචිමත් ඇරියලු ආයෙත් ඉස්සෙල්ල ටිකම කෙරුවලු…. මේ වෙනකොට නම් ඒ මෑන්ස්ගෙයි මේක කියෝන උඹලගේ කිසි වෙනසක් නෑ…. මේක තේරෙන්නේ නෑ…. බැරිම තැන අර කෙල්ලට ටිකක් ලං වෙලා ඇහුවලු….
“මිස් මොකෝ අප්සෙට් එක දැන් ඔයා හචින් අරිනවා…. නහය පිහිනවා ඊට පස්සේ වෙව්ලලා අමුතු සද්දක් දානවා… අසනීපයක් ද ???”
අනේ අර කෙල්ලත් බොහොම බැහැපත්ව කිව්වලු
“අනේ මට සමාවෙන්න…. මට ඉතාමත් දුලබ අසනීපයක්…. මට හැම කිවිසුමකට පස්සෙම පොඩ්ඩක් ##### වෙන්න ඕනේ…”
(#### ඉංග්‍රීසි වට්චනේ orgasm මම ඔකේ සිංහල word එක දන්නේ නෑ… එත් සරල බාසාවෙන් ස්වයං …… වෙන එක මම හිතන්නේ…. තොපිට දැන් තේරෙන්නෙත් නැත්නම් උඹල හරිම හොඳ ළමයි… කියලා වැඩක් නෑ අදහන්න වටිනවා උඹලව)
දැන් අපේ පොරට මේක හෙනම අප්සෙට් වගේ…. (ඌට ලජ්ජා හිතිලද මංදා….) එත් දැන් ඉතින් කතාව ඉවර කරන්නත් එපායැ බුවා හෙනම professor වගේ ඇහුවලු….
“ඉතින් ඔයා ඕකට බේත් මුකුත් ගන්නේ නැද්ද ????”
අර අහිංසක කෙල්ල පොර දිහා බලල කිව්වලු “ගන්නවා….. ගම්මිරිස් කුඩු”
හ… හ… හචීන්න්න්න්න්න්න්…………………
ඒ නම් අර කෙල්ල නෙමේ මම හොඳේ…. ලංකාවේ ඉඳන් කට්ටිය මාව මතක් කොරනවද කොහෙද…..
==========================================================
ට්යුබ් ලයිට් සංගමේ සමාජිකින් සඳහා හෙල්ප් ලයින් එක…
ගෙදර තියෙන ගම්මිරිස් කුඩු ටිකක් නහයට ලං කරලා වෙන දේ බලල comment එකක් දාපල්ලා…..
අවවාදයයි : උඹලට ස්වයං චූන් ලෙඩේ හැදෙයි කියලා හිතෙනවනම් ඕක private තැනක නිදහසේ  නිවිහැනිහිල්ලේ අත්හදාබැලීම වඩාත් සුදුසුයි…

කැම්පස් විත්ති – වැලපෙන්

වැල පොයින්ට් ගැන දන්නවද? කැම්පස් ගියපු එවුන් හරියටම දන්නවා වැලක් අදින්න පොයින්ට් කීයක් ඕනද කියලා.
අපි චන්ඩි වගේ ඕකට “එකයි” කියලා ගොඩාක් පෝරියල් කෑවා.
තව හිටියා “එකක් වත් ඕන නැ ජේෂ්ඨතුමා අමුවෙන්ම පුලුවන් ” කියලා පොරටෝක් දීපු කට්ටියත්.එයාලට ඒ ආකාරයෙන්ම සැලකිලිත් ලැබුනා.
නොදන්න සූටි මල්ලිලාට කියන්නේ වැලක් අදින්න පොයින්ට් දෙකක් ඕනෑ. ලනුවෙ එක කොනක් එක පොයින්ට් එක්ක අනික් කොන අනික් පොයින්ට් එකේ ගැටගහන්න. ඒවට තමා වැලක දෙපැත්තේ යොදාගන්නා කොන් හෙවත් වැලපොයින්ට් කියන්නේ…. තේරුනාද?……….

ඕක මතක් වෙච්ච වෙලාවේ තමා අපේ එවුන් සර් කෙනෙක්ට ගහපු මඩ කතාවක් මතක් උනේ.කතාව පොඩ්ඩක් දිගයි(විස්තරේ වැඩියි ). කියෙව්වට පස්සේ හිතපු තරම් ආතල් එකක් නැති වෙන්නත් පුලුවන්.
අවසන් වසර ව්‍යාපෘතිය(සිංහලෙන් කියනවනම් final year project ) එක කරන කාලේ තමා ආතල් ම වැඩ අඩුම කාලේ. ඒ උනාට පොඩි කොස්සක් තිබ්බා. හැම සතියෙම ප්‍රොජෙක්ට් එකේ ප්‍රොග්‍රෙස් එක බදාදා පහට කලින් සබ්මිට් කරන්න ඕන.වාර්තාව සබ්මිට් කරන ක්‍රෙමේ මේකයි,
සබ්මිට් කරන්න ඕන ඔන්ලයින්. වැඩේ කියන්නේ පහ පහුවෙච්ච ගමන් ඒ සතියට අදාල ලින්ක් එක නැතුව යනවා. තමන්ගේ ප්‍රොජෙක්ට් සුපවයිසර් ඉන්න ඩොකා හොඳනම් ශේප් එකේ එදා හවස් වෙලා හරි පහුවදා උදේ හරි පෙන් එක්ක දාගෙන උනත් රිපෝට් එක ගිහිල්ලා දෙන්නත් පුලුවන්.එචචරයි. සරලයි.
ලකියගේ සුපවයිසර් ඩොකා අමුතු ඩයල් එකක්.වැඩිය කතා නැති අර ඔලුව පාත් කරලා කන්නඩියට හොරෙන් බලන ඇක්සන් එක තියන ඩයල් එකක්.කොටින්ම කියනවනම් ලූක් එක හරියට අර නාට්‍යක හිටපු “මුතුමිණ “(ජෝතිෂ්‍ය ඩයල් එක ) වගේ.ඔන්න එක දවසක් ලකියට හවස පහට කලින් වාර්තාව සුබ්මිට් කොරන්ඩ බැරිඋනා. කොල්ල බයවෙලා. සරුත් අමුතු ඩයල් එකනේ.ඌ දූවගෙන ගියා කැන්ටිමට පෙන් එකක් හොයාගන්න, යනකොටම ඉන්නවා බන්ඩාරයා.
“මචං බන්ඩෝ උඹ ගාව පෙන් එකක් තියන්වද? දියන්කෝ පොඩ්ඩකට..හදිස්සියක් “ලකියා පෙන් එක ඉල්ලුවා.
“මගෙ පෙන්ටගනය තියනවා හැබැයි ඉක්මනට දීපන් …අනික තොපේ කොමියුටර් ලැබ් එකට එහෙම ගහන්නෑ හරිද? ඒකේ තියන වයිරස් තොපිටත් වඩා පිස්සු කෙලිනවා. ඉඳා ගනූ” කියලා බංඩා ලකියට පෙන් එක දුන්නා.
ලකියා දූවගෙන ලැබ් එකට ගියා.වෙන එකෙක්ගෙ රිපෝට් එකක් හොයාගත්තා , උගෙ වගෙ වෙනස් කලා, පෙන් එකට කොපි කලා(කොපි කිව්වට කෙලින්ම පෙන් එකට සෙන්ඩ් කලා). කොල්ල දැන් යනවා සර් ට පෙන් එක දෙන්න.
සර් ඉන්නවා සර්ගේ රූම් එකේ.
“සර්” ලකියා දොර ලඟ ඉඳන් අහින්සක හිනාව දාලා සර්ට කතා කලා.
“මොකද?”
“සර් මේ රිපොර්ට් එක පහට කලින් සබ්මිට් කරන්න බැරි උනා,  සර්ට දෙන්න පුලුවන්ද කියලා අහන්න ආවේ.” ලකියා දන්නවා සර්ලව අල්ලන්ඩ.
“මොකෙද පෙන් එක්කද අරගෙන ආවේ නැත්නම් මට මේල් කලාද?”
“පෙන් එකේ තියෙන්නේ සර්…” ලකියා කිව්වා.
“හ්ම්ම්…. මම පොඩි වැඩක් මැද්දේ ඉන්නේ,,, පෙන් එක තියල යන්න පුලුවන්ද මම මේක ඉවර වෙලා කොපිකරගන්නම්” සර් කිව්වා.
“ප්‍රෂ්නයක් නැ සර් මම පෙන් එක තියල යන්නම්”
“OK….. මම හෙට උදේට පෙන් එක දුන්නම් ඇත්ද ? මොකද මේ වැඩේට පොඩ්ඩක් වෙලා යනවා ”
“කමක් නෑ සර් මම උදේ ඇවිල්ලා ගන්නම්. ෆොර්ල්ඩර් එක්ක නෙවේ නිකන්ම ෆයිල් එක එලියේ තියනවා.මගෙ නමින් ෆයිල් එක තියෙන්නේ ********.tex” ලකියා සර්ට වැඩේ පැහැදිලි කොරලා පෙන් එකත් දීලා ආවා.

ලකියා කැන්ටිමට එනකොට බංඩාරයා ඉන්නවා කැන්ටිමේ.
“කෝ මගේ පෙන්ටගනය ” බංඩාරය ලකියගෙන් ඇහුවා.
“මාර සීන් එකනේ. ඩොකා පෙන් එක තියාගත්තා. ෆයිල් එක කොපි කරන් හෙට දෙන්නම් කිව්වා අවුලක් නැනේ.” ලකියා කිව්වා.
“තෝ ඒකෙ තිබ්බ කුනුහරුප ටික මකල නේද දුන්නේ. නැත්තං ඩොකාගෙ ගෑනිට අද රෑ විසුමක් වෙන්නෑ” බංඩාරය කිව්වා.
“මොන කුනුහරුපද? තොගෙ පෙන් එකේ වැල තිබ්බද?” ලකියා රත් වෙලා.
“තිබ්බද?… එව්වා විතරයි තිබ්බෙ යකෝ. උඹ සිරාවටම බලන්නැතුව පෙන්ටගනේ සර්ට දුන්නද ” බණ්ඩාරය උගෙ පෙන් එකේ චරිත සහතිකේ කිව්වා.
“මල සූස්තියයි. මම රිපෝට් එක කෙලින්ම පෙන් එකට සෙන්ඩ් කරලා සර්ට දුන්නා ..ඇත්තටම ඒකේ කුනුහරුප තිබ්බද බං. අනේ මාව බය කොරන්නැතුව ඇත්ත කියපං සුදු බංඩෝ…..” ලකියට ඇඬිලා නැති එක විතරයි.
“තෝ බය කොරලා මට අහවල් එකටද? සිරාවටම තිබ්බා. හැබැයි නියම ටොයිස් බඩු ටික…එක්කො උඹ ප්‍රොජෙක්ට් එක ෆේල් නැත්තං ඒ ප්ලස්. ඔය දෙක අතරමැද රිසල්ට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතෝ..” බන්ඩාරයා ලකියව තව බයකරනවා.
අපි ඔක්කොම පහුවදා උදේ වෙනකන් හිට්යේ ලකියගේ නාට්ටියේ ඉතිරි කෑල්ල බලාගන්ඩ.
……………………………………………………………………………..
ඔන්න පහුවදා උනා.
ලකියත් දැන් ගැහි ගැහී යනවා සර් හම්බෙන්න.
“සර් ගූඩ් මෝනින්ග් ” ලකියා දොර ලන්ගට ගිහිල්ලා අහින්සක පාට් එකෙන් කිව්වා.
“ආහ්… එන්න. මම ෆයිල් එක කොපිකරගත්තා.පෙන් එක මේසෙ උඩ තියනවා අරන් යන්න ” සර් කිව්වා.
ලකියා සුරුස් ගාලා පෙන් එක අරන අනික් පැත්තට එන්න හදනකොටම
“ඒක නෙවේ ඔය පෙන් එක ඔයාගෙද? ” සර් මුතුමිණ ලුක් එක දාලා ඇහුවා.
ලකියා බයවෙලා.
“ඔව්සර්… ” ලකියා නොදන්න එකා වාගේ කිව්වා.මොනව උනත් බංඩව පාවල දෙන්නත් බැනේ.
“O…K…” සර් කිව්වා විතරයි ලකියා කාමරෙන් එලියට එන්න ආවා.
ලකියා දොර ලඟට එද්දි සර් ආයෙ අර මුතුමිණ ලුක් එක දාලා කතා කලා.
“මේ ලක්**** “
“ඇයි සර්”
“මේ……සිංහල නැද්ද?”
ප.ලි. –  දිගාට කියවන් ඇවිල්ල මෙලෝ රහක් නැති උනාඅ නම් සොරි වෙන්න ඕන.කලින්ම කිව්ව වගේ මේක සර් කෙන්ක්ට හදපු මඩ කතාවක් මිසක් ඇත්ත සීන් එකක් නෙවේ.
ටියුබ් ලයිට් මල්ලිලා ලඟ ඉන්න මල්ලිලාගෙන් අහගන්න. ඒ උනාට නංගිලා ලඟ ඉන්න මල්ලිලාගෙන අහන්න එපා.

හීතල රෑක කතාවක්……….

සුබ නව වසරක් වේවා!!!!
මේ කතාවෙ කතා නායකයත් අර මම කලිං කියාපු කතාවෙ පීතර අයියගෙ ජාතියෙම පොරක්, ඒ කිව්වෙ දිනපතාම අර වැඩේ ඕනමයි, ඒ අතිං බලනකොට පීතර අයිය තව හොඳා, ඒ මනුස්සය රෑට විතරයි, මේ කතාවෙ සාපිං ගොයියට ඕකට වෙලාවක් කලාවක් නැහැ, රෑත් එකයි දවාලත් එකයි,
ඉතිං සාපිංගෙ බාරියාව, ඒ කිව්වෙ මැගිලිංටත් මේ වැඩේ එපාම වෙලා තිබුනෙ, ඇයි, දෙයියෝසාක්කි, ඕනම අමුර්තයක් ඕනවට වඩා තියෙනකොට එපා වෙනවනෙ
දවසක්දා මහ දවාලෙ සාපිං අයිය වැඩේට උත්සාහ කරල මැගිලිං අක්කට උන්න මලා නොපෙනෙන ගානට මල පැන්න,
” මොකක්ද, ඕයි, මේ මල කරුමෙ, තමුසෙට මේ වැඩේට රැයක්, දවාලක්, වෙලාවක්, කලාවක් කියල නැහැනෙ, අම්මප මම කපල දානව ඕක වෙලාවක, ඕක තියෙන නිසා නෙව මේ වදේ “  මැගිලිං අක්කා පුපුරා හැලුනා,
සාපිං අයියට ලැජ්ජාවට වැඩියි කේන්තිය, කේන්තියට වැඩියි ලැජ්ජාව,
” හිටපංකො, උඹ කරදර වෙන්ඩ ඕන නැහැ, මම්ම කපල දාඤ්ඤංකො, කිව්වත් වාගෙ මේක තියෙන නිසානෙ මේ ඔක්කොම
මෙහෙම කියල සාපිං අයිය පිහි කොටේකුත් අරගෙන, මිදුලෙ දෙල්ගහ යට හරහ දාල තිබ්බ කොටේ ගාවට ගෙහුං හිට, ගේ පැත්තට පිටි පාල සරම උස්සල වාඩිවෙලා පිහියෙං කොටේට පාරක් ගහල ” බුදු අම්මෝ “  කියල සද්දයක් එහෙම දාල ඒ පැත්ත අත් දෙකෙං මිරිකගෙන ගෙට ඇවිත් කිව්ව ” හරි දැං මීට පස්සෙ උඹට කරදරයක් වෙන්නෙ නැහැ, බය නැතුව ඉඳිං, මං ඒක කපලම දැම්ම ” කියල
දැං ඔන්න ඔහොම සතියක් හමාරක් ගත උනාය කියමුකො,
මැගිලිං අක්කට දැං කිසිම කරදරයක් නැහැ,රෑ නිදා ගන්ඩ ගියාමත් දෙන්න දෙපැත්තට හැරිල නිදාගන්නව එච්චරයි,
එක දවසක් දවල් පටං ගත්තු වැස්ස රෑ වෙනකල් එක දිගටම වැස්සා, ඒ මදිවට හීතල,
එදා රෑ නිදාගන්ඩ ගිහිල්ල, සුපුරුදු පරිදි සාපිං අයියා අනික් පැත්තට හැරිල නිදාගත්තට මැගිලිං අක්කට නම් නින්ද ම්හු,මැගිලිං අක්ක එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය, මේ දැඟලිල්ලට සාපිං අයියටත් ඇහැරුනා
” එහෙ මෙහෙ පෙරලුනාට වැඩක් නැහැ, තමුසෙත් නිදාගන්ඩ බලනව, දැක්කනෙ එදා මම කපලම දැම්මනෙ, ” සාපිං අයියා ඒ පැත්ත බලාගෙනම කිව්වා,
ටික වෙලාවකින්, ” මේ ඒයි….මේ ඒයි……”  මැගිලිං අක්කා සාපිං අයියගෙ උරෙස්සෙන් අල්ලල හෙල්ලුවා,
” දැං මම එක පාරක් කිව්වනෙ, ඒක කැපුවනෙ, තමුසෙත් දැක්කනෙ, ඉතිං මේ ඒයි කිව්වට වැඩක් වෙන්නෙ නැහැ”
” නෑ, එහෙම නෙවෙයි, පොඩ්ඩක් බලනවකො, පොඩි කොට කෑල්ලක්වත් ඉතුරුවෙලා තියෙයිද කියලා ” මැගිලිං අක්කා ඇහෙන නෑහෙන හඬින් බැගෑපත් ඉල්ලීමක් කලා,

Tuesday, January 25, 2011

අක්කගෙ සයිස් විතරම ඇති…

මේක මේ 24 වෙනිද (ඔව් ඔව් නත්තල් දාට කලින් දා) අපිටම වෙච්ච සීන්කෝන් එකක්. මෙහෙමයි කතාව. මම ඇනෙක්සියක් අරගෙන මීගමුවෙ නැවතිලා ඉන්නෙ. අපේ ගමේ කොල්ලෙක් ආව 24 වෙනිද  (උගෙ නම ගයාන්). ඉතිං ඌට සලකන්නත් එපැයි (නැතුව මට බොන්න ඕනෙවට නෙවෙයි). තව මෙහෙ කොල්ලො දෙන්නෙකුත් (උන් දෙන්න අසේලයි අකිලයි කියල) සෙට් කරගෙන හීනියට වොඩ්කා බෝතලයක් ගැහුව (ගැහුව කිව්වෙ පොලවෙ ගැහුව නෙවෙයි බිව්ව… බිව්ව). 

හවස හතර විතර වෙද්දි වැඩේ ඉවරයි. අකිලය බැඳපු එකා (ඔව් ඔව් නාස් ලනුව දාගෙන ඉන්නෙ) ඉතිං ගෙදරින් බර බරේ හින්ද ඌ වැඩේ ඉවර උන ගමන්ම ගියා. දැන් ඉතිං අපි තුන් දෙනා මොකද කරන්නෙ කිය කිය ඉද්දි අසේලය කිව්ව බීච් යමු කියල. ඒ යෝජනාවත් එකෙන්ම සභා සම්මත උනා කියමුකො. කොහෙ යන්නත් කලින් කඩේකට ගිහින් කාල ඉමු කියල පාරට එද්දිම ගයානයට කෝල් එකක් ආව තාත්තට පොලඟෙක් කාල කියල. වැඩිය අමාරුනම් නෑලු ඒත් ඉතිං ඌ යන්න එපැයි. ඌව එහෙමම බස් එකකට නැග්ගුව ගෙදර යන්න, දැන් ඉතුරු අසේලයයි මායි විතරයි. අපිට ඉන්න බෑ බඩගිනියි. කන්න යමු කියල දෙන්නම දැන් කඩයක් හොයාගෙන ඇවිදිනව කොලඹ පැත්තට. කිව්වට විශ්වාස කරන එකක් නෑ 3Km ගියත් කන්න කඩයක් හොයාගන්න බැරි උනා (නත්තල් දාට කලින් දානෙ). එහෙන් පයින් ගිහින් මහන්සියි.

කොහොමහරි බස් එකකට නැගල ආපහු මීගමුවෙ ටව්න් එකට යමු කියල ඔන්න ආව. යාන්තම් කඩේකුත් හම්බුනා.  දැන් බඩකට පිරිල තියෙන්නෙ වෙලාවත් 6 ට විතර ඇති. මොකද කරන්නෙ කියල ටව්න් එකේ ඇවිද ඇවිද ඉන්නවකොට තව යාලුවෙක් සෙට් උනා ඌටත් කරන්න දෙයක් නැතුව ඉදල තියෙන්නෙ. ඔන්න CIB (ටිකක් ලොකු ඇඳුම් කඩයක්) එක ලඟට ආව ඒක ඇතුලෙ නානාප්‍රකාර කෙල්ලො නත්තලට ඇඳුම් තෝරනව. අසේලය කිව්ව යමුද ඇතුලට කියල (ඇඳුම් ගන්න නෙවෙයි… දන්නවනෙ මොකටද කියල ;)).  තුන්දෙනාම එක පයින්. ඇතුලටත් ගියා කියමුකො. දැන් කරන්න දෙයක් නෑ  අරක ගන්නව බලනව තියනව තව එකක් ගන්නව බලනව තියනව. ඔහොම ඉද්දි මට පොඩි අදහසක් ආව. මොකක්ද දන්නවද? අනේ මංද කියන්නත් ලැජ්ජයි දැන්නම් (ඒ වෙලාවෙ නම් කරන්නවත් ලැජ්ජ හිතුනෙ නෑ… මද පවනෙ නෙ හිටියෙ…. :) ) එහෙම කියල දැන් ඉතිං නොකිය බෑනෙ. ඉක්මනට කියන්නම් ඔන්න අහගන්න ඇහුනෙ නැතිනම් ආයෙ අහන්න එපා ආයෙ කියන්න ලැජ්ජායි…….

“කෙල්ලට Bra එකකුයි Panty දෙකකුයි ගන්න”
යෝජනාව දැම්ම අපේ උන් ආයෙ කියල වැඩක් නෑ බෑ කියන්නෙ නම් නෑ කිසිම දේකට. දැන් තුන් දෙනාම යනව කාන්තා යට ඇදුම් තියෙන තැනට. සිංහය වගෙ කිව්වට මොකද මටත් දැන් ලං වෙද්දි නිකම් මොකක්ද මොකක්ද වගෙ. එකෙක් අනිකව ඉස්සරහට තල්ලු කරනව ඌ පස්සට යනව. ඔහොම දැන් එකෙක්වත් නෑ ඉස්සර වෙන්න. එතන කෙල්ලොත් පිරිල සූ ගාල. මම අන්තිමට ඉස්සර උනා. මුලින්ම ටිකක් ඈතට වෙලා බලං හිටිය ඈත ඉඳලම තෝරගන්න හිතං. එතකොට ගත්ත සල්ලි දුන්න විතරනෙ කරන්න තියෙන්නෙ. එහෙම බෑ ඈත ඉඳල හරියන්නෙ නෑ. ගියා ලඟටම පටං ගත්ත තෝරන්න. එතන හිටිය කෙල්ලො කොහෙ ගියාද නෑ. තෝරන්න ගත්තට සයිස් දන්නෙ නෑනෙ. ඉණේ සයිස් එකනම් දන්නව. ඒත් Bra  එකේ සයිස් එක. දැන් මම පටන් ගත්තට පස්සෙ අනිත් උන් දෙන්නත් ලඟට ආව දැන් තුන් දෙනාම තෝරනව ලැජ්ජාවකුත් නෑ දැන්. හොදට ඇදල බලනව. මැහුම් පාරවල් ඩැමේජ් බලනව. කෙල්ලො එකෙක්වත් එතෙන්ට එන්නෙ නෑ. ඈතට වෙලා බලං ඉන්නව අපි යනකම්. අපිත් පැය බාගයක් විතර තේරුව :) . එතන බාරව හිටිය ලස්සන අක්ක කෙනෙක් (වෙලඳ සේවිකාවක්) මගෙ කෙල්ල විතරම ඇති ඇඟපත. අක්කගෙනුත් අහනව මේ සයිස් එකේ අර පාට මල් තියෙන එක තියෙනවද අරකයි මේකයි ප්‍රශ්න ගොඩයි. අක්කත් හිනාවෙවී තෝරල දෙනව. (අපරාදෙ කියන්න බෑ හරි හොඳ අක්ක) අපේ උන් දෙන්න ඒ අස්සෙ අක්කට පේන්න මාව කිංඩි කරනව.

ඔහොම අන්තිමට Panty දෙකක් ගත්ත. දැන් තියෙන්නෙ Bra එක. අක්ක අහනව මල්ලි සයිස් කීයද කියල.

ගත් කටටම අපේ එකෙක් කිව්වෙ නැද්ද

“අක්කගෙ සයිස් විතරම ඇති” කියල උඹලට හිතාගන්න පුලුවන්ද අක්කගෙ මූණ ඇඹුල් වෙච්ච හැටි.

කිව්වෙ කව්ද අහන්න එපා. සයිස් එක දන්න එකාම තමයි කිව්වෙ.
ටියුබ් ලයිට් උන්ට කියන්නෙ ඒක කියවුනේ මට බං… :( 

ප. ලි :- කුඩ්ඩා කියන්නෙ මම කුඩුකාරයෙක් නෙවෙයි. ඒක මට වැදුන පරණ කාඩ්  එකක්.   දවසක ඒ කතාවත් කියන්නම්කො. ඒක මත්කුඩු නිසා නෙවෙයි පොල්කුඩු හින්දා වෙච්ච වැඩක් (දැනට ඒ ඇති… :) )

අවංක බිරිඳ !!!

හර්ෂන ගම්බද පෙදෙසක සේවය කරන පොලිස් නිලධාරියෙකි. ඔහූ ජීවත් වූයේද එම ගමේමය. දිනපතා උදෙන්ම වැඩට යන නිවසට පැමිනෙන්නේ ගොම්මන් වේලාවටය.

දිනක් හර්ෂනගේ අසල්වැසියෙක් වූ සිරිසේන ගමේ තැපැල්කාරයාව බෙල්ලෙන් ඇදගෙන පොලීසියට ඇවිත් මෙසේ මොරදුනි.

“හර්ෂන රාළහාමි, මේන්න මේකා අද මගේ ගෑණිත් එක්ක ඉඳලා මගේ අතටම අහු උනා. මම එවෙලෙම දෙන්නවම කැත්තෙන් කොටන්න හදද්දි ගමේ උන් මාව නැවැත්තුවා. උන්ගෙ වචනෙටයි මම මූව පණපිටින් පොලීසියට ගෙනාවෙ. නැත්තම් දෙන්නවම මම මෙලහකට එලොවට යවලා.”

“හරි, දැන් සිරිසේන අයියා පැමිණිිල්ලක් දාලා කට උත්තරයකුත් දීලා යන්න. අපි ඉතුරු හරිය බලාගන්නම්” හර්ෂන පැවසීය.
කට උත්තරයෙන් පසු හර්ෂන වෙත පැමිනි සිරිසේන,
 
“රාළහාමි මම යනවා අපේ එකීගෙ විසේ මට්ටුකරන්න. ඒකිට අයේ පිරිමි සංහතේ එපා වෙන්නම අද දෙනවා!!! රාළහාමි ඕකට කිසි බුරුලක් දෙන්න එපා! උපරිම දඬුවම ඕනා!!” යැයි පැවසීය.

පොලිස් නිලධාරීන් පැය කිහිපයක් පමණ තැපැල්කාරයාව ප්‍රශ්න කලහ. මුලදී ඔහු කතා කිරිමට අදිමදි කලද, සංග්‍රහ ලබා දුන් පසු ඔහු සියල්ල වැමෑරීය. එයින් පොලීසියට තැපැල්කාරයාගේ සෙල්ලම් බොහොමයක් දැනගත හැකිවිය.

එදින රාජකාරි අවහර වී නිවසට පැමිණි හර්ෂන, “නෝනෙට ආරංචිද? අද සිරිසේනගෙ ගෑණිගෙයි තැපැල්කාරයාගෙයි පලහිලව්ව??” යැයි ඇසීය.

“ඇයි නැත්තෙ!, සිරිසෙන කැත්ත අතේ අරං තැපැල්කාරයව පාර දිගේ එලෙව්වා. කඩමන්ඩියෙ කට්ටිය තමා මිනිහව මෙල්ලකරගත්තෙ. ඕක දැන් මුලු ගමම දන්නවා!!” හර්ෂනගෙ බිරිඳ පිළිවිසියාය.

“ඒක නෙමෙයි නෝනෙ ලොකුම කතාව! තැපැල්කාරයා යකාගෙ කතාවක් කිව්වා, මිනිහා කියනවා මිනිහා මෙ පාරෙ එක ගෑණියෙක් හැරෙන්න අනිත් හැම ගෑනිත් එක්කම මාරුවෙන් මාරුවට නිදාගන්නවලු” හර්ෂන පැවසීය.

මෙය අසා ටික වෙලාවක් කල්පනා කල හර්ෂනගේ බිර්ඳ මෙසේ කිවාය, “ආආහ්, ශුවර් එකටම ඔය පල්ලෙහා ගෙදර සක්කරවට්ටම වෙන්නැති ගෙම්බර් දාලා ඇත්තෙ! ඒකි ටිකක් අලි ඔලුවෙන් ඉන්නෙ!!”
සමහරුන්ට තේරුනාද මංද??

පුත්තුන්ගෙ විත්ති !!!

කලකට පසු එකිනෙකා හමුවූ මැදිවියේ මිනිසුන් සිව්දෙනෙක් තැබෑරුමකට වී මදුවිත තොලගාමින් ආගිය තොරතුරු කතා කර කර උන්හ. එක් අයෙක් තමාට මුත්‍රා කිරීමට අවශ්‍ය බව පවසමින් මොහොතකට ඔවුන්ගෙන් ඉවත් විය. ටික වේලාවකට පසු ඉතිරි් තිදෙනා තම පුතුන් හා ඔවුන්ගේ සාර්ථකත්වයන් ගැන කතා කිරීමට වූහ.

පළමුවැන්නා, “මගේ පුතා ගගනගාමී ඉන්ජිනේරු තාක්ෂණය(aeronautical engineering) ඉගෙනගත්තෙ. මිනිහා ගුවන් නියමුවෙක්(pilot) වෙලා හෙනට හම්බුකරලා තමුන්ගෙම කියලා ගුවන් ප්‍රවාහන සමාගමක්(airline) පටන් ගත්තා. කොච්චර සල්ලිද කිව්වොත් මිනිහා ලඟදි යාළුවෙක්ගෙ උපන්දිනේට ජෙට(jet)් එකක් තෑගි දුන්නත් එක්ක!”

දෙවැන්නා, “මගේ පුතා ඉඩකඩම් ඒජන්ත කෙනෙක් හැටියට වැඩ පටන් අරං හෙන සල්ලියක් හම්බුකරා. මිනිහට දැන් තමුනෙගම කියලා ගේදොර ඉඩකඩම ගොඩක් තියෙනවා. මිනිහත් ලඟදි යාලුවෙක්ගෙ උපන්දිනේට වර්ග් අඩි 20000ක මන්දිරයක් තෑගි දුන්නා!”

තෙවැන්නා, “මගේ පුතා යාන්ත්‍ර තාක්ෂණය(mechanics) ඉගෙන ගෙන කාර් සමාගමක වැඩ පටන් අරං හොඳ සල්ලිකාරයෙක් උනා. මිනිහා දැන් සතියෙ දවස් හතට වාහන හතකින් යන්නෙ එන්නෙ, ඒ මදිවට ලඟදි යාළුවෙක්ගෙ උපන් දිනේට අළුත්ම අළුත් මර්සීඩීස් බෙන්ස් එකක් තෑගි දුන්නා!”

තෙවැන්නා තම කතාව අව්සන් කරනවාත් සමඟම සිව්වැන්නා ඔවුන්ට නැවත එකතුවෙමින්, “කට්ටිය මොකක් ගැනද මේ බර කතාව?” යැයි ඇසීය.

“අපි මේ අපේ පුත්තුන්ගෙ සාර්ථකත්වයන් ගැන කතා කර කර හිටියෙ. ඔහේගෙ පුතා කොහොමද?” අයෙක් පිළිතුරු දුනි.
එවිට සිව්වැන්නා, “මගෙ පුතා සමලිංගිකයෙක්(gay)!, මිනිහව විශ්වවිද්‍යාලයෙනුත් එලියට දැම්මා..” යැයි පිළිතුරු දුනි.
  
“අපෝ මොන ලැජ්ජාවක්ද ඒ!!” යැයි අනෙක් තිදෙනා තම අප්‍රසාදය පල කලහ.

“නෑ නෑ!!, මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. ඔහේලට කියන්න මිනිගහෙ පහුගිය උපන්දිනට මින්හගෙ කොල්ලො(boyfriends) තුන්දෙනා ජෙට් එකයි, බෙන්ස් එකයි, ලෝකු ගෙයකුයි තෑගි දීලා තිබුනා!!!” සිව්වැන්නා උජාරුවෙන් පිළිතුරු දුනි.
සමහරුන්ට තේරුනාද මංද??

Surprise Gift

මේ කතාවත් ඕං ලංකාවේ වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඇමරිකාවේ වෙච්ච කේස් එකක්. මම කියවපු සිද්ධියක්. ඇමරිකාවේ වුන නිසා ඇත්ත වෙන්නත් පුළුවන්. ලංකාවේ කියලත් ඉතින් සිද්ධ වෙන්න බැරි කමකුත් නෑ. හැබැයි මේක වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි. මේකේ කතා නායකයා ලොකු කොම්පැණියක පොරක්. මිනිහා ඉතින් කසාදයක් එහෙම කරගෙන ළමයි දෙන්නෙක් එහෙම ඉන්න අවුරුදු 45ක විතර ඩයල් එකක්. කොහොමහරි ඔන්න දවසින් දවස ගෙවිලා ඔය මෑන් මේ ලෝකෙට පහල උන දවස එහෙම නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් බර්ත් ඩේ එක උදාඋනාලු.

උපන් දවසනේ……… ඉතින් උදේම නැඟිටලා බිරින්දෑට උපන් දිනේ මතකද ? සුභ පතයිද?? කියලා කල්පනා කර කර පොර කුස්සිය පැත්තට කිට්ටු කරාලු. මෑන් ” ගුඩ් මෝර්නින් ” කීවලු. ගෑණිත් ” ආ උදේම නැඟිටලානේ අද ගුඩ් මෝනින් ” කියලා ගෑණිගෙ පාඩුවේ වැඩලු. පොරට මාරම අවුල්ලු. මෙච්චර කාලෙකට ගෑණි පොරගේ උපන්දිනේ අමතක කරල නෑලු. කමක් නෑ ලමයින්ට මතක ඇතිනේ කියලා පොර  හිතහදා ගත්තලු. අනේ ලමයි දෙන්නත් නැඟිටලා ආවලු. ඒත් එකෙක්ටවත් වගේ වගක් නෑලු. ඕන එකක් කියලා ෆුල් අප්සට් එකේ පොර වැඩට යන්න පිටත් වුනාලු. ඔය වගේ සීන් එකක් උනහම දවසම මස්තේ කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මස්තේ පිට ගිහින් මිනිහගේ කන්තෝරු කාමරයට් යද්දිම මෑන්ගේ පුද්ගලික ලේකම් කටපුරා හිනාවෙලා සුභ පැතුවලු උපන් දිනේට. ඒ කරලා මේ ගෑණි ඇහුවලු ” ඇයි සර් අද වගේ දවසකත් අවුලෙන්? මොකක්ද ප්‍රශ්නේ ? ” කියලා. උඹලා දන්නවනේ ඔය පුද්ගලික ලේකම්ලටත් ඕනේ නැති දෙයක් නෑනෙ. අනික ඉතින් ඇමරිකාවෙ හිටියත් ගෑණියෙක්නේ. ඉතින් ඕප දූප හොයන එකේ වෙනසක් නෑ. කොහොමහරි පොරත් අවුලට හේතුව අර ගෑණිත් එක්ක කියලා. පස්සේ අර ගෑණි කීවලු ” ගණන් ගන්න එපා සර්. සර් අද මාත් එක්ක දවල් කෑමට එලියට යං. උපන් දිනේ සමරන්න,මම අද සර්ට surprise gift (අනේ කොල්ලනේ මෙකට කියන සිංහල වචනයක් නම් එන්නේ නෑ. සමහරවිට විස්මය තෑග්ගක් වගේ එකක් හරියයි.) එකක් දෙනවා කියලා” කියලා.

වේලි වේලි හිටපු එකාට ඉතින් හෙන පල්ලමනේ. මූත් විනාඩියෙන් විනාඩිය ගණන් කර කර හිටියලු කෑම වෙලාව එනකම්. පොර දැන් කල්පනා කරනවලු මොකක්ද මේ එක කියලා. උඹලා දන්නවනේ ඔය ඇමරිකාවෙ පු.ලේලට ඉතින් අපේ ඈයන්ට වගේ සදාචාරයක් නෑනේ. ඉතින් මුගෙත් අර කැත හිතත් පොඩ්ඩක් වැඩ කරන්න ගත්තලු. පොර ඒත් හිතාගත්තලු හරියට වැඩේ ස්ථීර වෙනකම් අතවත් තියන්නේ නෑ කියලා. ඔන්න කෑම වෙලාව ආවලු. මූත් ඉතින් දත කට මැදගෙන කන්න ලැබෙන කෑම එක ගැන හිත හිතා ගියාලු එලියට. මිනිහා හිතුවා වගේම සුවීප් එකක් ඇදෙන්නලු යන්නේ. මොකද අර ගෑණි මූව එකන් ගියේ ඒ ගෑණිගෙ ගෙදරලු. ගිහින් මූව සාලේ සැප පුටුවක වාඩි කරවලා අර ගෑණි පොරට කීවලු ” පොඩ්ඩක් ඉහිල් වෙන්න  ( දන්න සිංහලෙන් කීවොත් Relax වෙන්න ), මම ගිහින් Gift එක ගේනකම් කියලා. දැන් පොරට 100% ශුවර් මොකක්ද මේ දෙන්න යන ගිෆ්ට් එක කියලා. උඹලට ඉතින් කියන්න ඕනේ නෑනේ තනියෙන් ගෑණියෙක් ඒකිගේ ගෙදර මිනිහෙක් එක්ක ගියහම ඒ මිනිහට මොකද හිතෙන්නේ කියලා. අනික උඹලා වගේ සදාචාර සම්පන්න නෑ බං ඔය ඇමරිකන් කාරයො. උඹලා වගේ පින්වන්ත දරුවන්ටත් එහෙම හිතෙන එකේ අරූ ගැන කවර කතාද?
 
මිනිහා ඉතින් relax වෙන්නත් කියපු නිසා සියළුම ඇඳුම් එහෙම උනාදමලා උපන්දිනේ දවසේ උපන් ඇදුමෙන්ම ඉන්නවලු අරකි එනකම් අහවල් එකට( අහවල් එකට කීවේ ඒකට තමයි උඹලට ඉතින් ඕක ආයේ විස්තර කොරන්න දෙයක් නෑනේ. ). ඔහොම ඉන්න කොට මෙන්න එක පාරටම අරූගේ ගෑණියි ළමයිනුයි අර පෞද්ගලික ලේකම්තුමියයි කට්ටියම උපන් දින සින්දුවත් කියාගෙන සාලේට ආවලු තඩි කේක් ගෙඩියකුත් අරගෙන. අනේ අර අසරණයා හීනෙකින්වත් හිතුවෙ නෑ පොරට මෙහෙම වෙයි කියලා. උපන් ඇඳුම පිටින් පොළව පලාගෙන යන්න කියලද? එතනින් එහාට ඌට මොකද උනේ කියලා වැඩක් නෑ. අන්ත දුක්ඛිතයි.අනේ අර පෞ. ලේකම්වත් සෙට්කර ගෙන මුගේ වයිපරේ මුගේ උපන් දිනේට මුට surprise  එකක් දෙන්න හදලා තියෙන්නේ. කොහොමද සෙට් උන surprise එක පොරට. 

ඔන්න ඕක නිසා තමයි උඹලටත් කියන්නේ කැත හිත කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ කියලා. කියවලා බලලා හිතට ගන්න ඕනේ මෙවා. කාට කාටත් හොඳ පාඩම්…………

Monday, January 24, 2011

දෙවියො දුන්නු බබා

ඔන්න යුවලක් ඉන්නවලු විවාහ වෙලා අවුරුදු 4ක් 5ක් විතර වෙන, ඒත් තාම දරු සම්පතක් නහැ. බැන්දපු දවසෙ ඉඳන් මාර ට්‍රයි එකක් දෙනව ඒත් තාම බබෙක් නෑ.දොස්තරල කිහිපදෙනෙක් ගාවට ගිහින් රටේ නැති පරීක්ශන කොලාලු. දොස්තරල කවුරුත් කියන්නෙ දෙන්නටම කිසිම කිසි අවුලක් නෑ, අවයව සහ පද්දති යස අගේට වැඩ කියල. දොස්තරල මහත්තුරු ගාවට විතරක් නෙමේ, රට වටේ තියන දේවාල වල ඉන්න කපු මහත්තුරුත් හම්බ වෙලා බාර හාර උනා, ඒත් තාම වැඩේ හරි ගියෙ නෑ.


මේ අතරෙ පවුලෙ මිත්තරයෙක් ඇවිල්ල ඈත පලාතක තියන දේවාලයක් ගැන කිව්ව.ඉතින් මේ ඩබලත් ඒ දේවාලෙට ගිහින් බාරයක් උනා. ගෙදර ආව දවසෙ ඉඳන් දෙයියො සිහි කරගනම ගේමට එන්ටර් උනා. ඔන්න මේ පාර නම් ටිකදවසකින් වැඩේ හරියන බවට ලකුනු පහල උනා. බලාපොරොත්තු උන විදියටම ලස්සන දරු පැටියෙක් ලැබුන. මේ දෙන්නටයි, නෑයන්ටයි හරිම සතුටුයි.


කාලයක් ගියාට පස්සෙ මේ කට්ටිය තමන්ගෙ බාරෙ ඔප්පු කරන්න අර දේවාලෙට යන්න පිටත් උනා. මේ මනුස්සයගෙ නැන්දම්මත් ගමනට සෙට් උනා. ඔන්න දේවාලෙට යනකොට එදා දේවලෙ පෙරහැර. ඉතින් මේ කස්ටියත් බොහෝම සර්දාවෙන් මේ පෙරහැරට එකතු වෙලා පෙරහැරේ යනව.


බාරියාව තමයි දරුව වඩාගන හිටියෙ.ගෑනිගෙ සර්දාව වැඩිකමට පෙරහැර බලාගන ඉන්න සෙනගට පේන විදියට දරුවව උඩට උස්සල “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ…දෙයියො දීපු බබා මේ….” කියල කෑ ගගහ නටන්න ගත්ත.නැන්දම්මත් සීන් එකට එන්ටර් වෙල ඒ විදියට කෑ ගගහ නටන්න තියාගත්ත.


ඔන්න දැන් බාරියාවයි නැන්දම්මයි “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ…දෙයියො දීපු බබා මේ….” කියල කෑ ගගහ දරුව උස්සගෙන නටනව. අපේ බුවත් ඒ පස්සෙන් පෙරහැරේ යනව. මෑන්ට ටිකක් අප්සෙට් මේ වැඩේට. මිනිහ ටිකක් බලා ඉඳල ගෑනිට කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනිට ඇහුනෙ වත් නෑ.ආපහු ටිකකින් මිනිහ ටිකක් සැරෙන් කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනි කලෙ නෝන්ඩි බැල්මකින් මිනිහට සන්ග්‍රහ කරපු එක විතරයි. මෑන්ට දැන් මල පැනල ඉන්නෙ හොඳටම. මෑන්ස් ටිකක් සද්දෙ දාල කිව්ව “මම දැන් කිව්ව නේද තොට, නවත්තපිය ඔය ලැජ්ජ නැති වැඩේ ” කියල. ඒ වෙලාවෙත් නැන්දම්මයි ලේලියි කලේ අපේ අසරනය දිහා රවල බලපු එක විතරයි, හරියට තමුසෙගෙද ලමය කියල අහන්න වගේ.


අපේ බුවත් හිතුව හොඳ වැඩක් කරන්න ඕනෙ කියල. පොර තමන් ඇඳල හිටපු සුදු සරම උඩටම උස්සල ගත්ත, උඩට කිව්වෙ උඩටම උස්සල ගත්තා. යටට මුකුත් ඇඳල හිටියෙ නෑ ඔක්කොම එලියේ.


දැන් මිනිහ තමන්ගෙ බාරියාව “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ” කිය කියා යන පිටි පස්සෙන්ම නටනටා යනව මේ විදියට හැමෝටම ඇහෙන්න….


“බබා දීපු දෙයියො මේ..බබා දීපු දෙයියොමේ…බබා දීපු දෙයියො මේ….”

සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුඑන්සා

කැම්පස් එකේ ඉංගිරිසි දැනුම දුරුවල එකෙක්ට බයිටට කියන කතාවක් මේක. “කැතලික් නංගි” කතාව දැක්කහම ආපහු මතක් උනා. හිනා යන එකක් නම් නෑ.


කතා නායකයට අපි “ජයන්ත” කියලා බොරු නමක් දෙමු.


ඔන්න ජයන්තයා කැම්පස් එන්න බස් එකට නගිනවා. උපතින්ම පැණියෙක් වෙච්ච මෙකාට බස් එකේ හිටිය විදෙසික කෙල්ලේක් ගාව ඉද ගන්න සෙට් වෙනවා. ජයන්තයා පොත් පත්තර TV එකෙන් රැප දැකලා තිබුනාට සුදු කෙල්ලෙක් පන පිටින් ලයිව් දනින පළවෙනි වතාව තමයි මේ. මේකත් ඉතින් කටත් ඇරගෙන බලා ගෙන ඉන්නවා කෙල්ල දිහැ.


කොහොම හරි මේ කෙල්ලටත් හෙම්බිරිස්සාවක් හැදිලා. නහය පිහ පිහ තමා ඉන්නේ. මෙකිට හෙන අප්සෙට් ජයන්තයා කට ඇරගෙන බලාගෙන ඉන්නකොට. බැරිම තැන මෙකි කියනවාලු.


“අයි ඇම් සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුඑන්සා” (I’m suffaring from influenza)


ජයන්තයාගේ හැටි නොදන්න සුද්දි හිතුවේ මෙකා දැන්වත් වෙන තැනකට යයි කියලා. කොහෙද මෙකා දත් 32කම විලිස්සලා හිනාවෙලා සුද්දිට කියාපි..


“නයිස් ටු මීට් යු, අයි ඇම් ජයන්ත ෆ්‍රොම් පිලියන්දල” (Nice to meet you, I’m Jayantha from piliyandala)


කොහොම හරි කැම්පස් එකට සින් එක මාට්ටු උනාම මු ගැලවිමට කිව්වේ කවුද බං ඔවා දන්නේ මම හිතුවේ මේ “සෆරින්” කියලා “ඉන්ෆ්ලුවන්සා” වලින් ආපු කෙල්ලේක් මට ඒකිගේ නම කියන්න හදනවා කියලා.


මේකාට ඉංගිරිසිය විතරක් නෙවේයි භුගෝලයත් හොදටම අප්සෙට් බව හැමෝටම ක්ලික් උනේ එදා තමයි.

නාකි ගෑනිගෙ ඔට්ටුව !!!

වයසක කාන්තාවක් ලංකා බැංකුවට ඇතුළු වූවාය. ඇය අත මුදලින් පිරුනු මල්ලක් තිබුණි. එහි කවුන්ටරයක් වෙතට ගිය ඇය, තමාට ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය බවත් තමා ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බැවින් තමාට බැංකුවේ කළමනාකරු හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය.

ටික වේලාවකට පසුව ඇයට කළමනාකරු හමුවීමට අවසර ලැබිනි. ඇය කොපමණ මුදලක් තැන්පත් කිරීමට අදහස් කරනවාදැයි කළමනාකරු විමසීය.

“රුපියල් 2 500 000ක් !!!” ඇය තම මල්ලේ තිබූ මුදල් කළමනාකරුගේ මේසය මත හලමින් පැවසූවාය.

මුදල් තොගය දුටු කළමනාකරුට කුහුලක් ඇතිවූ හෙයින්, ඔහු ඇගෙන් මෙසේ විමසීය “නෝනා, මට පුදුමයි ඔහේ මෙච්චර ලොකු ගානක් අරං ඇවිත් තියෙනවා. නෝනට කොහෙන්ද මෙච්චර සල්ලි??”

“මේ මම ඔට්ටු අල්ලලා දිනපුවා!” කාන්තාව පිළිතුරු දුනි.

“ඕට්ටු? මොන විදිහෙ ඔට්ටුද??” කළමනාකර ඇසීය.

“හොඳයි, උදාහරණයක් හැටියට, මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා ඔහේගෙ අණ්ඩ කෝෂ හතරැස් කියලා” කාන්තාව පැවසූවාය.

“හහා” සිනහවූ කළමනාකරු “ඒක මෝඩ ඔට්ටුවක්නෙ, ඔහේට ඔහොම ඔට්ටුවක් කවදාවත් දිනන්න බෑ!”
එවිට වයසක කාන්තාවක අභියෝග කලාය, “එහෙනම්, මොකද කියන්නෙ මගෙ ඔට්ටුව බාර ගන්නවද?”
“අනිවාර්යෙන්!” කළමනාකරු කීය “මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා මගේ අණ්ඩ කෝෂ හතරැස් නෑ කියලා”

එවිට වයසක කාන්තාවක මෙසේ පැවසුවාය, “හරි, දැන් මෙතන ලොකූ මුදලක ගනූදෙනුවක් වෙන්න යන්නෙ, ඒ හින්දා මම හෙට උදේ 10.00 වෙද්දි මගෙ නීතිඥයාවත් සාක්කියක් හැටියට එක්කගෙන එන්නද?”

“අනිවාර්යෙන්!” කළමනාකරු මහත් උද්යොගයකින් කීය.

එදින රාත්‍රියේදි කළමනාකරුට මෙම අමුතු ඔට්ටුව ගැන නොසිතා සිටිය නොහැකි විය. ඉන්පසු ඔහු කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන තම අණ්ඩ කෝෂ පරීක්ෂා කරමින් බොහෝ වේලාවක් ගත කලේය. ඔහු තමාගෙ හතරැස් නොවන බව හොඳින් තහවුරු කරගන්නා තුරු ඒවා සෑම පැත්තකටම හරවමින් නැවත් නැවතත් බැලීය. තමා මේ ඔට්ටුව අනිවාර්යෙන දිනන බව ඔහූට තහවුරු විය.

පසුදින උදෑසන හරියම 10.00 වන විට වයසක කාන්තාව ඇගේ නීතිඥයා සමඟ කළමනාකරුගේ කාමරයේ පේනී සිටියාය. ඇය තම නීතිඥයා කළමනාකරුට හඳුන්වා දීමෙන් අනතුරුව ඔට්ටුව නැවත ප්‍රකාශ කර සිටියාය,

“රුපියල් 100 000ක් ඔට්ටුයි කළමනාකාරතුමාගෙ ** දෙක හතරැස්”
කළමනාකරු් ඔට්ටුව නැවත බාරගත් අතර ඔහුගේ කලිසම හා යට ඇඳුම් ගලවන ලෙසවයසක කාන්තාව ඉල්ලා සිටියාය.

කළමනාකරුද කිසිම පැකිලීමකින් තොරව එය ඉටු කලේය.
එවිට වයසක කාන්තාව කළමනාකරුට කිට්ටුවී තමාට අණ්ඩ කෝෂ අතගා බැලිය හැකිදැයි ඇසීය.
“හොඳයි, කමක් නෑ,” කළමනාකරු කීය “මොකද රුපියල් 100 000ක් කියන්නෙ ලොකු සල්ලියක්නෙ, ඔහේ හොඳටම තහවුරු කරගන්න එක තමා හොඳ!”

එවිට කළමනාකරුට දැකගත හැකිවූයෙ නීතිඥයා තම හිස බිත්තියට ගසාගන්නා බවය.ඔහු වයසක කාන්තාවගෙන් මෙසේ ඇසීය, “ඔහේගෙ නීතිඥයට මොකද්ද වෙලා තියෙන්නෙ??”

“ආහ් ඒකද??, මම මින්හත් එක්ක රුපියල් 300 000ක ඔට්ටුවක් ඇල්ලුවා අද උදේ 10.00 වෙද්දි ලංකා බැංකුවේ කළමනාකාරතුමාගෙ ** දෙක මගේ අතට ගන්නවයි කියලා” 

වයසක කාන්තාව පැවසූවාය.

Sunday, January 23, 2011

රාවනා…..

කාලෙකින් කතාවක් දාන්නත් බැරි උනා…මේ දවස් වල බිසීනේ අනේ( එහෙම පෙන්නනවා විතරයි )…හ්ම්ම්ම්ම්..
මේක මගෙ යාලුවෙකුට උන ඇත්තම ඇත්ත සීන් එකක්…
මේකයි කතාව…මගෙ යාලුවා ගියාලු ට්‍රිප් එකක්…මේක ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක්මත් නෙවෙයි….පොඩි හයික් එකක්….ගියේ රාවනා කන්දට…
දැන් අපේ මෑන්ස් නගිනවලු කන්ද මුදුනට…දැන් පට්ටම මහන්සිලු පොරට…පොඩ්ඩක් ගිමන් අරින්න කියලා වාඩි උනාලු ගලක් උඩ…මේන් එක පාරටම කජ්ජෙ කජ්ජෙ ගාලා සද්දයක් එනවලු…අපේ එකාට සැරටම බය හිතුනලු….මේ පාලු කැලේ එන සද්දෙ මොකක්ද කියලා…මේන් ඒ පර ඇහෙනවලු පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා..අපේ මෑන්ස් බය ඇතෑරල පොඩ්ඩක් විපරම් කරල බැලුවලු සීන් එක මොකද කියලා…(ආතල් නෙ මෙයා කැලේ මැද  පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා ඇහෙනකොට ) ….
ඔන්න අපේ එකට පේනවලු හැඩිදැඩි මිනිහෙක් තමන්ගෙ පැත්තට එනවා…පොඩි වෙලදාම් තට්ටුවකුත් කරේ තියාගෙන(අර බස් වලට එහෙම නගින්නෙ තිබහට කූල් වතුර එකක් කියාගෙන..ආන් ඒ වගෙ තට්ටුවක් තමා)…
මිනිහා ලගටම ආවලු…ඇවිත් බොහොම අහින්සක විදියට ඇහුවලු මහත්තයා මොනවද ඕන කියලා…අපේ එකාත් පෙපර්මින්ට් එකක් එහෙම අරගෙන…මේ පාලු කැලේ මෙ යෝධයා මොනවද? කරන්නේ කියලා ටෝක් කරනවලු….(සමහරවිට කෙල්ල පන්නගෙන ඇවිල්ල කන්ද උඩ කඩයක් දාගෙන් ලුනුයි බතුයි කන කොල්ලෙක්ද දන්නෑනේ) ..
අයියා ඔයා කව්ද?
මල්ලි මම රාවනා
(අපෙ මෑන්ස් පුල් කර්ප්ට්ලු.. ඇයි දෙවියනේ රාවනා හිටියේ ගල් යුගේටත් යුග දෙකකට විතර කලින්නේ  )
නෑ අයියා ඔයා රාවනා වෙන්න බෑ…
නෑ මල්ලි මම රාවනා
අපේ එකාට සීන් එකට අවුල්ලු….
අයියා ඔයා රාවනා නම් කෝ ඔයාගේ ඔලු දහය…
මල්ලි කන්න බොන්න විදියක් නැතුව ඒවා ඔක්කොම medical studentලට විකිනුවා…මේක දුන්නොත් මම මැරෙන හින්දා තියන් ඉන්නවා….
එතකොට කෝ අයියේ දඩුමොනරෙ
ෆිනෑස් ඇරියස් වෙලා ඒක සීස් කරනෙ මල්ලියො…..
(කියලා බොහොම දුක හිතෙන විදියට කිව්වලු….අපෙ මෑන්ස්ටත් අප්සට්ලු….කොහොමට හිටිය මිනිහෙකද?)
අයියා ඔයාට ඇත්තටම මොකඩ උනේ……

බලන්න මල්ලි ඉන්දියාවෙන් බඩුවක් උස්සන් ආවත් හරි කිසිම වගතුවක් නෑනේ….

බූට් එකක් නිසා වුන හොඳ වැඩක්

කස්ටිය බූට් කතා දන නිසා ඔන්න   මේකත් ඉතින්  boot කතාවක් තමය්….  මේ  කතාව උනේ  අපි සුන්දර පාසල්  යන කලේ …හැබය්  ඉතින් මේක පොඩි  සත්‍ය කතාවක් ආශ්‍රයෙන්  පස්චාත් බාගය අතින් දල හදපු කතාවක්  …….
.මේක මගේ කුලුදුල් කතාව …අඩුපාඩු තියනවනම්  තරහ අවසර සමාවෙලා  පහත comments තීරුවෙ දාන්න කිව්වා ඔඔන්…..
අපේ කොල්ලෙක් හිටිය  ….අපේ බුවා ඉතින්  කෙල්ලන්ගෙන් යාලුවෙන්න අහනවා අහනව එකක්වත් හරියන්නේ නැ…
අනේ ඉතින් අහන  අහන කෙල්ල මුට “බැඃ” මය් කියන්නේ.
boot
මු “හා”  කියන වචනේ කෙල්ලෙක්ගෙන් අහලා නැ …අහලා නැ කිව්වට අහලා නැමත් නෙමෙය් ….මු ඉතින් කෙල්ලෙක්ගෙන් වැරදිලාවත් “හා” කියන වචනේ අහල තියනවනම් ඉතින් ඒ කෙල්ල  ”හාවා”, “හාල් ”  ,  ”මහාවංසය” වගේ වෙන වචන වල මැදට “හා” අකුර එන ඒවා විතරය් අහල තියෙන්නේ  :-) .  ඉතින් හිතාගන්න පුළුවන්නේ හෙනහුරු අපේල කොඉ වගේද කියල ….මුට ඉතින් ඒ දවස් වල කොච්චර සිකුර නැති අපලේ බලපෑවද කියනවනම්  මුට  හෙනහුරාද  උදා වෙන්නේ “සිකුරා”දා   නැතිව කියලය් කස්ටිය ඒ දවස් වල කියන්නේ  . කොල්ලෙක් වශයෙන්  මුගේ කියන්න වරදකුත් නැ  ..හිත හොඳ  , හොඳ පෙනුමක් තියන  බුවෙක්  වුනත් මේක ඉතින් උගේ  ගිය ආත්මේ    ඉෂුඑ එකකින්    වෙන්න ඕන  මුට කෙල්ලෝ හරියන්නේ  නැතිව ඇත්තේ ඒ කලේ. …
පෙරවදන  වැඩිද මන්ද  ….හරි දැන් ස්ටෝර්යට බහිමුකො …
මේ කලේ වෙද්දී මු කෙල්ලෝ 13 දෙනෙක්ගෙන් විතර අහලය් තිබ්බේ.  එකක්වත් හරිගිහිල්ල තිබ්බේ නැ …..14 වෙනි කුලුදුල් ප්රෙඅමය විදියටත් ඉත්න් මුගේ හිතට තව කෙල්ලෙක් ගැන crush එකක් ඇති වෙලා ….වෙනසක් නැ ඉතින් පොර ගිහින් කෙල්ලගෙන්    ඇහුව  …”නංගි ඔයා මට කැමතිද ” කියල ….සුපුරුදු විදියටම ඉතින්  ”බැඃ” කියන උත්තරේ හම්බවුනේ …..කම්මලේ බල්ලට යකඩෙට තඩි බානකොට වෙනසක් නැ වගේ මුටත් ඉතින් ඒ වෙද්දී ඕක සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ..අනිත් එවුනුත් ඉතින් ඕක එච්චර ගණන් ගත්තේ නැ .දන්නවනේ  සුපුරුදු answer  එක…..
එදා දවසත් සුපුරු විදියට ගෙවිලා ගියා ..ඉර බැසගියා …එලඟ දවසේ ඉර පැව්ව…..මල් පරවුනා ..මල් පිපුනා…….අපි ඉත්න් වෙනද වගේ  school ගියා…;)
මු කියන විදියට වෙනස වෙලා තියෙන්නේ ඊලනග දවසේ…..
මු ගෙදර ඉද්දි හෙන සෙට් එකක් මුගේ ගෙදරට ඇවිල්ල ….නිකන්ම නෙමෙය් .තෑගි බෝග පිරිවරාගෙන ……….
බලපුවම මේ එදා අර මු යාලුවෙන්න අහපු ගනු ළමයාගේ ගෙදර කස්ටිය……මේ මොකද මේ කියල මු අහලා තියනවා…
“අනේ පුතේ ඔයාට බොහොම පින්  අපේ ළමයට කතා කෙරෙව්වට” ඒ ආපු කස්ටිය උතුරලා  යන සතුටෙන් දැන් මුට ස්තුති කරනවලු ඉවරයක් නැතිව ….මු  උඩ බිම බලනවලු  …මේ මොන්න ගිල්මාට් එකක්ද මේ කියල
බලපුවම වෙලා  තියෙන්නේ මෙකය්  …….
මු අහලා තියෙන්නේ  කතා කරන්න බැරි (ගොළු ) ගනු ළමයෙකුගෙන් ….ඒ ළමය ඉපදුන දවසේ ඉඳන්ම වචනයක් වත් කතා කරලා නැ …
ගෙදර කස්ටිය ඉතින් කතා ළමයට කතා කරවන්න කියල නොගිය තැනක් නැතිලු… බටහිර  medical treatment (මේක සිංහලෙන් වය්ද්ද විද්ද්යව  කියල ට්ය්පේ කරන්න විදපු දුකක් ..ඔන්න බැරිම තැන කඩ්ඩෙන් ලියල  දැම්ම ) වලටවත් ලංකාවේ ආයුර්වේද treatment වලටවත් එකී මෙකි නොකී සියලුදෙනාටම ඉතින් කතාකරවන්න බැරි වෙලා ….
අපේ යාළුවා ගනු ළමයාගෙන්  යාලුවෙන්න අහපු පාර  කෙල්ලට හෙන shock  එකක් ඇතිවෙලා මුට අකමැති නිසාම    ….ඒ shock එකටම (කොහොම හරි “බැ” කියන්න ඕනේ නිසා) ඉතින්   කෙල්ලට කතා කරන්න පුළුවන් වෙලා  එදා ඉඳන් …….කෙල්ල මුට දුන්න “බෑ” කියන උත්තරෙන් තමය් කතා කරන්න පටන් අරන් තියෙන්නේ ……

පෙති PART 02

මේක බූට් එකකට සම්බන්ද කතාවක් නෙමේ . . . හැබැයි පෙති වලට සම්බන්දයි . . .
අවාඅදයයි : මේ කතාව මෙලෝ රහක් නැති වීමටද ඉඩ තිබේ . . . . ! ! !
ඩිස්ක්ලෙයිමර් එක : කාට හරි හිතෙනව නං . . . මේ කතාවෙ කුනුහරුප අන්තර්ගතවෙලා තියෙනව කියල . . .  . අනේ පිං අයිතිවෙයි . . . . වෙන කතාවක් කියවන්න . . . .
අපේ ජූනියර්  සෙට් එකේ  ස** මල්ලිට ගමේ ගිහිං ඉද්දි ඩෙංගු හැදුනයි කියමුකො.
ඔන්න රත්නපුරේ ඉස්පිරිතාලෙ මල්ලිව ඇඩ්මිට් කොලාලු . . . . .
දැං ඔන්න අපේ මේ අහිංසක මල්ලියා ඉස්පිරිතාලෙ ඇද උඩ දිගේලි කරල ඉන්නවලු . . . .
ටිකකින් ඇටෙන්ඩන් ලොක්කෙක් රබර් අත් මේස් දෙකකුත් දාගෙන ඇද ලගට ඇවිත් කියනවලු,
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මුනිං අතට හැරෙන්න . . .
අපේ එකා:               (බැරි බැරි ගානෙ) ඇයි අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්තක් ගහන්න තියනව
(බුවා අනිත් පැත්ත හැරේ)
ඇටෙන්ඩන් අයිය:  මල්ලි කලිසම පාත් කරන්න
අපේ එකා:               මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මෙ පෙත්ත ගහන්න
(බුවා බැරි බැරි ගානෙ ඒකත් කරයි)
ඇටෙන්ඩන් අයිය:  මල්ලි නිකටයි දනිස් දෙකයි ඇදට තියල බඩ උස්සන්න
අපෙ එකා:                (පුදුමයෙන් හා ඉතා අමාරුවෙන්) මොකටද අයියෙ ?
ඇටෙන්ඩන් අයිය:  මල්ලි මේ පෙත්ත ගහන්නෙ එහෙමයි
(කොල්ලා අමාරුවෙන් ඒකත් කරයි)
********************
ඉතුරු ටික ප්‍රසිද්දියේ කීමට නොහැක
********************
කෙසේ නමුත් කොල්ලා මේකට ඇබ්බැහි වෙලා තත්වෙ බරපතල වෙන්න වැඩි කාලයක් ගත උනේ නැ . . .
අවසාන ප්‍රතිපලය . . . .
මල්ලිට අලුත් කාඩ් එකක් . . .
“පෙත්තප්පු K
මෙම කතාව ඉතා සැර බාල කර කියන ලද්දක් බව කරුනාවෙන් සලකන්න . . .

Thursday, January 20, 2011

සුද්ද පිට්ටු කාපු හැටි

මේක හුහක් ඉස්සර පත්තරේක ගියපු කතාවක්. ගොඩක් දෙනෙක් අහල  නැතුව ඇති කියල හිතල තමයි ලියන්නෙ.
pittu
එක හොටෙල් එකක හිටපු සුද්දෙකුට බඩගිනි උනාලු. පොර ඒ පාර රූම් සර්විස් එකට කතා කරල මෙනූ එක ගෙන්න ගත්තලු. මෙනූ එක බලල පොර ඕඩර් කලාලු පිට්ටු. ඒ සුද්ද පිට්ටු කෑවෙ එදාමලු. පස්සෙ වේටර් පිට්ටු ගෙනාවලු ලුනු මිරිසුයි, පොල් කිරියි එක්ක.
සුද්දො කවද කාපු පිට්ටුද? ඉතින් මේ සුද්ද ඉන්ග්‍රීසි ක්‍රමේට පිට්ටු කන්න කියල හිතල, මුලිනම් පොල් කිරි එක බිව්වලු සුප් එක කියල හිතාගෙන. ඊට පස්සෙ අමාරුවෙන් වතුර බිබී පිට්ටු කෑලි දෙකත් කෑවලු. අන්තිමට ඩෙසර්ට් එකට වගේ කෑවලු ලුනු මිරිස්  ටික. ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕනෙ නෑනෙ.

කුල්ටුර් මල්ලි

මන් මේ කතාව ලියන්න හිතුවේ අර විදුලි වැට     කියෙවුවට පස්සේ. මේ දවස්වල අපේ ඇඩ්මින් මලය මගේ සුචරිත කතා ටිකක් හිර කරගෙන ඉන්න නිසා මම හිතුව මේ වගේ කතා ටිකක් ලියල මගේ කොලේ ටිකක් බේරා ගන්න.
මේක මචෝ (ඉස්ත්‍රී මචෝලටත්  එක්ක පොදුවේ මචෝ කිවුවට කමක් නෑනේ .. ) අපි කැම්පස් ඉන්න කාලේ කතාවක්. අපේ කැම්පස් එකේ අපි හිටි කාලේ  කොලු හොස්ටල්  දෙකක් එක තැන තිබ්බ. දැන් නම් ඒවා කෙලි පැටික්කියන්ට දීල. ඔය හොස්ටල් දෙක ලගම තිබ්බ කැන්ටිමකුයි කෑම
සාලාවකුයි. ඔන්න මේ කාලේ එක දවසක් කොල්ලෝ කයිය ගහගෙන ඔය සාලාවේ/කැන්ටිමේ ඉන්නවා. ඔතන හිටිය ටිකක් වැඩියෙන් කුල්ටුර් බව පෙන්නන්න හරිම කැමති බුවෙක්. මුට වෙලාවකට කරන වැඩ ගැන කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ. තැනනොතැන නොබලා අහිංසක කෙල්ලෝ ඉන්න තැන උනත් අමු කුණුහබ්බ අතාරිනවා.මේ කියන දවසේ  හොඳට වැහැල පළාතම තෙමිලා තිබුන,. ඒ මදිවට හැමදාම වගේ සලාවෙත් උඩින් වතුර වැටිලා  අඟල් බාගයක් විතර පැත්තක වතුර පිරිලා තිබුන. ඉතින් ඔක්කොම මේක ගැන පාලනය සිස්ය සංගමය ආදී හැමෝම විවේචනය කරන අතරේ එකෙක් කිවුව මේක දැන් කැන්ටිම වගේ නොවෙයි නාන කාමරය වගෙයි කියල.
තව එකෙක් කිවුව මේක හොඳයි ටොය්ලට්   එකට කියල ..
ඕක ලොකුවට ගත්තේ   අපේ කුල්ටුර් මලය. සොරි   මචන්ලා ඌ අපේ බැචෙක් නොවෙන නිසා උගේ නම මට මතක නෑ..
මේ බුවාට හොඳ අදහසක් ආවා.. ඌ  ගිය බිත්තිය ලඟට… ඇරියා zip එක    එලියට ගත්ත උගේ අවයවය … ඇල්ලුවා ජෙට් එක කෙලින්ම බිත්තිය තිබුන electric plug point එකකට !!
අපි දැක්කේ ඌ බ්රේක් ඩාන්ස් දාගෙන කෑ ගහගෙන… ඒ මදිවට දෑතින් අහවල් එක අල්ල ගෙන ….  ඒ මදිවට ලිස්සලත් වැටෙනවා  …         ඌට    වෙච්ච වැඩේ පැහැදිලියි නේද ??  … හුවක් ගියා නියමෙට.. ඌ  නැගිට්ට පිහ පිහ… දැන් මොහොතක් ඇස් වහගෙන මේක උනේ තමන්ටයි කියල හිතාගෙන  එන හැගීම    ලියන්නකෝ   !!
ඔය මොකද මල්ලි ? කොහෙද ඔය අත යන්නේ ?
කවුරු හරි කොකා සුවාමිනි කතාව අහල තියෙනවද ? විද්‍යොදයේ කතාවක් පරණ එකක් දන්නේ නැතිනම් කියන්නම්

විදුලි වැට​

මේ කතාව අපි 2009 දි ගිය කතරගම trip එක​ ගැන​. trip එක​ යන්න අපි 6 දෙනෙක් හිටියා. මම​, සුදු මල්ලි, සුරා, o2, ටාසන් සහ ජයේ (ජයේ කිව්වට ඒ කොල්ලගෙ ඇත්ත නම ඒක නෙවෙයි, සම්පූර්ණ නම පුරාවිද්‍යා අපකීර්ති ජයපාලන්. ඒ නම දිග වැඩි නිසා ජයේ කියනවා)
කතරගම යනව කියල ගියාට අපි හිටියෙ තිස්සමහාරාමෙ, සුරාගෙ මහගෙදර​.
එහේ ගිහින් තුන්වෙනි දවසෙ අපි සිතුල්පව්ව බලන්න යන්න හිටියෙ, පහුගිය දවස් දෙකේ මතට තිත තියන්න තිබුන අමාරුව නිසා කට්ටියටම වැඩිය සල්ලි තිබුනෙත් නෑ. සිතුල්පව්වෙ යන්න වාහනයක් hire එකට ගන්නවා කියන්නෙ ගෙදර යන්න බස් ටිකට් එක ගන්න වෙන්නෙ නෑ කියන එක​..ඒත් කොල්ලො ටික සිතුල්පව්වෙ නොයා ගෙදර යන්නෙ නෑලු.. ඉතින් මම යි සුර යි ගිහින් වාහනයක් හොයන් ආවා, සුරා ගෙ යාළුවෙක්ගෙ land master එකක්. කරත්තෙන් හරි සිතුල්පව්වෙ යන්න හිටිය අපිට land master එක දැක්කම මාර ආතල් එකක් තිබුනෙ.
අපි ගමනට ready වෙද්දි, සුරා ගෙ අම්මා ඇවිත් කිව්වා, “පුතාලා යද්දි වතුර බෝතල් ටිකක් දාගෙන යන්න නැත්නම් මග දි වතුර හොයාගන්න නෑ” කියලා. ඒක ඇහුනා විතරයි සුදු මල්ලි කියනවා “අඩෝ මම වතුර බෝතලයක් ලිපට දාල ආවා, උඹල එකෙක්ටවත් දෙන්නෙ නෑ” කියලා. filter දාල නැති සුදු මල්ලි ගෙ කටින් එහෙම කියවුනාට මිනිහට කියන්න ඕනවුනේ වතුර බෝතලේ fridge එකට දාලා ආව කියලා.. එහේ වතුර ටිකක් කිවුල් නිසා අපි වතුර බිව්වෙ cool කරලා.
සුරා ගෙ ගෙදර ඉදන් සිතුල්පව්වට 20km විතර යන්න ඕන​. එදා දවසෙ අපි land master එකේ 60km විතර ගියා..එකෙක්වත් අත පය කඩාගන්නෙ නැතුව ගෙදර ඇවිත් dinner එකත් අරන් ගෙදර ඉස්සරහ හදල තිබුන බංකු 2ක් උඩ වාඩි වෙලා එක එකාට මතක් වෙන කතා කිය කිය හිටියා. ඒ කතා අතරේ අලියෙක් ගැන කියපු ගමන් ටාසන් ඇහුවා සිතුල්පව්වෙ යද්දි දැක්ක විදුලි වැටේ කරන්ට් එක තියෙන්න ඇතිද කියලා.

“ටාසන් උඹ හීනෙන් බය උනාද​? අපි ගිය පාරේ විදුලි වැටක් තියා වැටක් ගහන්න කණුවක්වත් හිටවලා තිබුනෙ නෑ” කියල සුරා ටාසන් ට කිව්වා. (සුදු මල්ලි කියන විදිහට ටාසන් කියන්නෙ hard disk එකයි RAM එකයි දෙකම නැති චරිතයක්. ඇත්තටම ටාසන් ට memory short වෙන case එකක් තියෙනවා.)
“ඇයි බං අර පාර දිගටම ගහල තිබුනේ රෙදි වැලක් ද?” කියල අහගෙන o2 ත් කතාවට set උනා. (o2 යනු ඔටුවා යන වචනය සංශෝදනය කර සාදාගත් වචනයකි)
however සුරා, මම & සුදු මල්ලි එකතු වෙලා විදුලි වැට විවාදෙන් ටාසන් සහ o2 පරාද කෙරුවා.
ඊටපස්සෙ හොඳම seen උනේ ගෙදර ආවම​. මම o2 එක්ක සුදු මල්ලිලා ගෙ ගෙදර ගියා trip එකේ photo බලන්න​. photo බලාගෙන යද්දි o2 දැක්කා විදුලි වැටේ photo එක​. **** මේ තියෙන්නෙ ***ද කියල අහගෙන වාඩි වෙලා හිටිය පුටුවෙනුත් නැගිටල o2, moniter එකට අත තියලම ඇහුවා. ඒ නැගිටපු speed එකෙන්ම ආපහු පුටුවත් පෙරළගෙන o2 බිම වැටුනා. මිනිහට moniter එකෙන් කරන්ට් වැදිලා.. moniter එකෙන් කරන්ට් වදින එක ඒ තරම් ලොකු දෙයක් නොවුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන් දේවල් වලින් o2 බයම කරන්ට් වදින එකට​.