Friday, January 28, 2011

අක්කාගෙ ආදායම

මේ කතාවනම් ගොඩක් කට්ටිය අහලා ඇති කියලත් හිතෙනවා. අහලා නැති අයත් හිටියොත් කියලා ඔන්න ඔහේ ලියලා දාන්න හිතුනා. මෙකත් අහපු කතාවක්. ඔය කට්ටිය සෙට් උනහම කියන කතා. සත්‍ය අසත්‍යතාවය ගැන නම් වගකියන්න බෑ. මෙන්න කතාව.
ඔන්න එකොමත් එක ගමක හිටියලු දුප්පත් පවුලක්. පවුලේ හිටියෙ අම්මයි, තාත්තයි, අක්කයි මල්ලියිලු. හැමදාම මෙහෙම ඉදලා හරියන්නෙ නැ, කවදහරි අපිත් ලස්සනට ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලට ඉන්න ඕනෙ කියලා හිතලා අක්ක මලෝ දෙන්නා ගියාලු රට රස්සාවකට. දෙන්නම ගියේ එකම රටටලු. ඔන්න ඉතින් දෙන්නම හරි හම්බ කරල ගෙදරට සල්ලි එහෙමත් එව්වලු. මාස කීපයක් යද්දි අක්කා එවන ගාන ටික ටික වැඩිඋනාලු. අම්මට ඉතින් හරිම සංතෝසයිලු දුවගේ මේ දියුණුව ගැන. එවගේම අම්මට බොහොම කනගාටුවක් බයක් ඇති උනාලු පුතා ගැන. මාස 8ක් 9ක් ගියත් අක්කා වගේ එවන ගානේ එහෙම කිසිම වෙනසක් නෑලු.
අම්මා හිතුවලු මූ එහෙට වෙලා පිස්සු කෙලිනව කියලා. කියන්න බෑනේ කොල්ලන්ට ඉතින් නිදහස හම්බ උනහම sure නෑනෙ. ඒ නිසා අම්මා අවවාද කරල ලියුමක් යැව්වලු පුතාට. අක්කව ආදර්ශයට ගනින්. වැඩ කරන තැන මිනිස්සු හොදින් තියාගෙන පඩි නඩි එහෙම වැඩි කරගනින් අක්කා වගේ. බොරුවට සල්ලි එහෙම නහස්ති කරන එපා. බලපන් අක්කා මහන්සි වෙලා උඹ එවනවා වගේ දෙතුන් ගුණයක් සල්ලි එවනවා ගෙදරට. මට පේන විදිහට උඹ සල්ලි නහස්ති කරනවා. ඔය වගේ හෙන talk ගොඩක්ලු මුලු ලියුම පුරාම. කොල්ලට මල පැන්නලු.මල පැන්න පාර මූ එව්වලු ලියුමක් බොහොම කෙටියෙන් අම්මට කට උත්තර නැති වෙන්න. ” අක්කට තියන ජාතියේ අහවල් එකක් මටත් තිබ්බ නම් මමත් එවනවා තුන් හතර ගුණයක්. කරුමෙට මට එහෙම එකක් නෑනෙ. එනිසා වැඩිපුර පඩිත් නෑ” කියල.
අනිවාර්යයෙන් ගොඩක් කට්ටිය මේ කතාව අහල ඇති. අනික මේකෙ එක එක version එහෙමත් ඇති. මතක හැටියට අන්තිම පේලියට කවුරුත් මේක ලියලා තිබුනේ නෑ. එකයි ලියන්න හිතුනේ. අහල නැති කවුරු හරි හිටියොත් කියලා.

No comments:

Post a Comment