Monday, January 24, 2011

නාකි ගෑනිගෙ ඔට්ටුව !!!

වයසක කාන්තාවක් ලංකා බැංකුවට ඇතුළු වූවාය. ඇය අත මුදලින් පිරුනු මල්ලක් තිබුණි. එහි කවුන්ටරයක් වෙතට ගිය ඇය, තමාට ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය බවත් තමා ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බැවින් තමාට බැංකුවේ කළමනාකරු හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය.

ටික වේලාවකට පසුව ඇයට කළමනාකරු හමුවීමට අවසර ලැබිනි. ඇය කොපමණ මුදලක් තැන්පත් කිරීමට අදහස් කරනවාදැයි කළමනාකරු විමසීය.

“රුපියල් 2 500 000ක් !!!” ඇය තම මල්ලේ තිබූ මුදල් කළමනාකරුගේ මේසය මත හලමින් පැවසූවාය.

මුදල් තොගය දුටු කළමනාකරුට කුහුලක් ඇතිවූ හෙයින්, ඔහු ඇගෙන් මෙසේ විමසීය “නෝනා, මට පුදුමයි ඔහේ මෙච්චර ලොකු ගානක් අරං ඇවිත් තියෙනවා. නෝනට කොහෙන්ද මෙච්චර සල්ලි??”

“මේ මම ඔට්ටු අල්ලලා දිනපුවා!” කාන්තාව පිළිතුරු දුනි.

“ඕට්ටු? මොන විදිහෙ ඔට්ටුද??” කළමනාකර ඇසීය.

“හොඳයි, උදාහරණයක් හැටියට, මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා ඔහේගෙ අණ්ඩ කෝෂ හතරැස් කියලා” කාන්තාව පැවසූවාය.

“හහා” සිනහවූ කළමනාකරු “ඒක මෝඩ ඔට්ටුවක්නෙ, ඔහේට ඔහොම ඔට්ටුවක් කවදාවත් දිනන්න බෑ!”
එවිට වයසක කාන්තාවක අභියෝග කලාය, “එහෙනම්, මොකද කියන්නෙ මගෙ ඔට්ටුව බාර ගන්නවද?”
“අනිවාර්යෙන්!” කළමනාකරු කීය “මම රුපියල් 100 000ක් ඔට්ටු අල්ලනවා මගේ අණ්ඩ කෝෂ හතරැස් නෑ කියලා”

එවිට වයසක කාන්තාවක මෙසේ පැවසුවාය, “හරි, දැන් මෙතන ලොකූ මුදලක ගනූදෙනුවක් වෙන්න යන්නෙ, ඒ හින්දා මම හෙට උදේ 10.00 වෙද්දි මගෙ නීතිඥයාවත් සාක්කියක් හැටියට එක්කගෙන එන්නද?”

“අනිවාර්යෙන්!” කළමනාකරු මහත් උද්යොගයකින් කීය.

එදින රාත්‍රියේදි කළමනාකරුට මෙම අමුතු ඔට්ටුව ගැන නොසිතා සිටිය නොහැකි විය. ඉන්පසු ඔහු කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන තම අණ්ඩ කෝෂ පරීක්ෂා කරමින් බොහෝ වේලාවක් ගත කලේය. ඔහු තමාගෙ හතරැස් නොවන බව හොඳින් තහවුරු කරගන්නා තුරු ඒවා සෑම පැත්තකටම හරවමින් නැවත් නැවතත් බැලීය. තමා මේ ඔට්ටුව අනිවාර්යෙන දිනන බව ඔහූට තහවුරු විය.

පසුදින උදෑසන හරියම 10.00 වන විට වයසක කාන්තාව ඇගේ නීතිඥයා සමඟ කළමනාකරුගේ කාමරයේ පේනී සිටියාය. ඇය තම නීතිඥයා කළමනාකරුට හඳුන්වා දීමෙන් අනතුරුව ඔට්ටුව නැවත ප්‍රකාශ කර සිටියාය,

“රුපියල් 100 000ක් ඔට්ටුයි කළමනාකාරතුමාගෙ ** දෙක හතරැස්”
කළමනාකරු් ඔට්ටුව නැවත බාරගත් අතර ඔහුගේ කලිසම හා යට ඇඳුම් ගලවන ලෙසවයසක කාන්තාව ඉල්ලා සිටියාය.

කළමනාකරුද කිසිම පැකිලීමකින් තොරව එය ඉටු කලේය.
එවිට වයසක කාන්තාව කළමනාකරුට කිට්ටුවී තමාට අණ්ඩ කෝෂ අතගා බැලිය හැකිදැයි ඇසීය.
“හොඳයි, කමක් නෑ,” කළමනාකරු කීය “මොකද රුපියල් 100 000ක් කියන්නෙ ලොකු සල්ලියක්නෙ, ඔහේ හොඳටම තහවුරු කරගන්න එක තමා හොඳ!”

එවිට කළමනාකරුට දැකගත හැකිවූයෙ නීතිඥයා තම හිස බිත්තියට ගසාගන්නා බවය.ඔහු වයසක කාන්තාවගෙන් මෙසේ ඇසීය, “ඔහේගෙ නීතිඥයට මොකද්ද වෙලා තියෙන්නෙ??”

“ආහ් ඒකද??, මම මින්හත් එක්ක රුපියල් 300 000ක ඔට්ටුවක් ඇල්ලුවා අද උදේ 10.00 වෙද්දි ලංකා බැංකුවේ කළමනාකාරතුමාගෙ ** දෙක මගේ අතට ගන්නවයි කියලා” 

වයසක කාන්තාව පැවසූවාය.

No comments:

Post a Comment