Wednesday, January 26, 2011

කැම්පස් විත්ති – වැලපෙන්

වැල පොයින්ට් ගැන දන්නවද? කැම්පස් ගියපු එවුන් හරියටම දන්නවා වැලක් අදින්න පොයින්ට් කීයක් ඕනද කියලා.
අපි චන්ඩි වගේ ඕකට “එකයි” කියලා ගොඩාක් පෝරියල් කෑවා.
තව හිටියා “එකක් වත් ඕන නැ ජේෂ්ඨතුමා අමුවෙන්ම පුලුවන් ” කියලා පොරටෝක් දීපු කට්ටියත්.එයාලට ඒ ආකාරයෙන්ම සැලකිලිත් ලැබුනා.
නොදන්න සූටි මල්ලිලාට කියන්නේ වැලක් අදින්න පොයින්ට් දෙකක් ඕනෑ. ලනුවෙ එක කොනක් එක පොයින්ට් එක්ක අනික් කොන අනික් පොයින්ට් එකේ ගැටගහන්න. ඒවට තමා වැලක දෙපැත්තේ යොදාගන්නා කොන් හෙවත් වැලපොයින්ට් කියන්නේ…. තේරුනාද?……….

ඕක මතක් වෙච්ච වෙලාවේ තමා අපේ එවුන් සර් කෙනෙක්ට ගහපු මඩ කතාවක් මතක් උනේ.කතාව පොඩ්ඩක් දිගයි(විස්තරේ වැඩියි ). කියෙව්වට පස්සේ හිතපු තරම් ආතල් එකක් නැති වෙන්නත් පුලුවන්.
අවසන් වසර ව්‍යාපෘතිය(සිංහලෙන් කියනවනම් final year project ) එක කරන කාලේ තමා ආතල් ම වැඩ අඩුම කාලේ. ඒ උනාට පොඩි කොස්සක් තිබ්බා. හැම සතියෙම ප්‍රොජෙක්ට් එකේ ප්‍රොග්‍රෙස් එක බදාදා පහට කලින් සබ්මිට් කරන්න ඕන.වාර්තාව සබ්මිට් කරන ක්‍රෙමේ මේකයි,
සබ්මිට් කරන්න ඕන ඔන්ලයින්. වැඩේ කියන්නේ පහ පහුවෙච්ච ගමන් ඒ සතියට අදාල ලින්ක් එක නැතුව යනවා. තමන්ගේ ප්‍රොජෙක්ට් සුපවයිසර් ඉන්න ඩොකා හොඳනම් ශේප් එකේ එදා හවස් වෙලා හරි පහුවදා උදේ හරි පෙන් එක්ක දාගෙන උනත් රිපෝට් එක ගිහිල්ලා දෙන්නත් පුලුවන්.එචචරයි. සරලයි.
ලකියගේ සුපවයිසර් ඩොකා අමුතු ඩයල් එකක්.වැඩිය කතා නැති අර ඔලුව පාත් කරලා කන්නඩියට හොරෙන් බලන ඇක්සන් එක තියන ඩයල් එකක්.කොටින්ම කියනවනම් ලූක් එක හරියට අර නාට්‍යක හිටපු “මුතුමිණ “(ජෝතිෂ්‍ය ඩයල් එක ) වගේ.ඔන්න එක දවසක් ලකියට හවස පහට කලින් වාර්තාව සුබ්මිට් කොරන්ඩ බැරිඋනා. කොල්ල බයවෙලා. සරුත් අමුතු ඩයල් එකනේ.ඌ දූවගෙන ගියා කැන්ටිමට පෙන් එකක් හොයාගන්න, යනකොටම ඉන්නවා බන්ඩාරයා.
“මචං බන්ඩෝ උඹ ගාව පෙන් එකක් තියන්වද? දියන්කෝ පොඩ්ඩකට..හදිස්සියක් “ලකියා පෙන් එක ඉල්ලුවා.
“මගෙ පෙන්ටගනය තියනවා හැබැයි ඉක්මනට දීපන් …අනික තොපේ කොමියුටර් ලැබ් එකට එහෙම ගහන්නෑ හරිද? ඒකේ තියන වයිරස් තොපිටත් වඩා පිස්සු කෙලිනවා. ඉඳා ගනූ” කියලා බංඩා ලකියට පෙන් එක දුන්නා.
ලකියා දූවගෙන ලැබ් එකට ගියා.වෙන එකෙක්ගෙ රිපෝට් එකක් හොයාගත්තා , උගෙ වගෙ වෙනස් කලා, පෙන් එකට කොපි කලා(කොපි කිව්වට කෙලින්ම පෙන් එකට සෙන්ඩ් කලා). කොල්ල දැන් යනවා සර් ට පෙන් එක දෙන්න.
සර් ඉන්නවා සර්ගේ රූම් එකේ.
“සර්” ලකියා දොර ලඟ ඉඳන් අහින්සක හිනාව දාලා සර්ට කතා කලා.
“මොකද?”
“සර් මේ රිපොර්ට් එක පහට කලින් සබ්මිට් කරන්න බැරි උනා,  සර්ට දෙන්න පුලුවන්ද කියලා අහන්න ආවේ.” ලකියා දන්නවා සර්ලව අල්ලන්ඩ.
“මොකෙද පෙන් එක්කද අරගෙන ආවේ නැත්නම් මට මේල් කලාද?”
“පෙන් එකේ තියෙන්නේ සර්…” ලකියා කිව්වා.
“හ්ම්ම්…. මම පොඩි වැඩක් මැද්දේ ඉන්නේ,,, පෙන් එක තියල යන්න පුලුවන්ද මම මේක ඉවර වෙලා කොපිකරගන්නම්” සර් කිව්වා.
“ප්‍රෂ්නයක් නැ සර් මම පෙන් එක තියල යන්නම්”
“OK….. මම හෙට උදේට පෙන් එක දුන්නම් ඇත්ද ? මොකද මේ වැඩේට පොඩ්ඩක් වෙලා යනවා ”
“කමක් නෑ සර් මම උදේ ඇවිල්ලා ගන්නම්. ෆොර්ල්ඩර් එක්ක නෙවේ නිකන්ම ෆයිල් එක එලියේ තියනවා.මගෙ නමින් ෆයිල් එක තියෙන්නේ ********.tex” ලකියා සර්ට වැඩේ පැහැදිලි කොරලා පෙන් එකත් දීලා ආවා.

ලකියා කැන්ටිමට එනකොට බංඩාරයා ඉන්නවා කැන්ටිමේ.
“කෝ මගේ පෙන්ටගනය ” බංඩාරය ලකියගෙන් ඇහුවා.
“මාර සීන් එකනේ. ඩොකා පෙන් එක තියාගත්තා. ෆයිල් එක කොපි කරන් හෙට දෙන්නම් කිව්වා අවුලක් නැනේ.” ලකියා කිව්වා.
“තෝ ඒකෙ තිබ්බ කුනුහරුප ටික මකල නේද දුන්නේ. නැත්තං ඩොකාගෙ ගෑනිට අද රෑ විසුමක් වෙන්නෑ” බංඩාරය කිව්වා.
“මොන කුනුහරුපද? තොගෙ පෙන් එකේ වැල තිබ්බද?” ලකියා රත් වෙලා.
“තිබ්බද?… එව්වා විතරයි තිබ්බෙ යකෝ. උඹ සිරාවටම බලන්නැතුව පෙන්ටගනේ සර්ට දුන්නද ” බණ්ඩාරය උගෙ පෙන් එකේ චරිත සහතිකේ කිව්වා.
“මල සූස්තියයි. මම රිපෝට් එක කෙලින්ම පෙන් එකට සෙන්ඩ් කරලා සර්ට දුන්නා ..ඇත්තටම ඒකේ කුනුහරුප තිබ්බද බං. අනේ මාව බය කොරන්නැතුව ඇත්ත කියපං සුදු බංඩෝ…..” ලකියට ඇඬිලා නැති එක විතරයි.
“තෝ බය කොරලා මට අහවල් එකටද? සිරාවටම තිබ්බා. හැබැයි නියම ටොයිස් බඩු ටික…එක්කො උඹ ප්‍රොජෙක්ට් එක ෆේල් නැත්තං ඒ ප්ලස්. ඔය දෙක අතරමැද රිසල්ට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතෝ..” බන්ඩාරයා ලකියව තව බයකරනවා.
අපි ඔක්කොම පහුවදා උදේ වෙනකන් හිට්යේ ලකියගේ නාට්ටියේ ඉතිරි කෑල්ල බලාගන්ඩ.
……………………………………………………………………………..
ඔන්න පහුවදා උනා.
ලකියත් දැන් ගැහි ගැහී යනවා සර් හම්බෙන්න.
“සර් ගූඩ් මෝනින්ග් ” ලකියා දොර ලන්ගට ගිහිල්ලා අහින්සක පාට් එකෙන් කිව්වා.
“ආහ්… එන්න. මම ෆයිල් එක කොපිකරගත්තා.පෙන් එක මේසෙ උඩ තියනවා අරන් යන්න ” සර් කිව්වා.
ලකියා සුරුස් ගාලා පෙන් එක අරන අනික් පැත්තට එන්න හදනකොටම
“ඒක නෙවේ ඔය පෙන් එක ඔයාගෙද? ” සර් මුතුමිණ ලුක් එක දාලා ඇහුවා.
ලකියා බයවෙලා.
“ඔව්සර්… ” ලකියා නොදන්න එකා වාගේ කිව්වා.මොනව උනත් බංඩව පාවල දෙන්නත් බැනේ.
“O…K…” සර් කිව්වා විතරයි ලකියා කාමරෙන් එලියට එන්න ආවා.
ලකියා දොර ලඟට එද්දි සර් ආයෙ අර මුතුමිණ ලුක් එක දාලා කතා කලා.
“මේ ලක්**** “
“ඇයි සර්”
“මේ……සිංහල නැද්ද?”
ප.ලි. –  දිගාට කියවන් ඇවිල්ල මෙලෝ රහක් නැති උනාඅ නම් සොරි වෙන්න ඕන.කලින්ම කිව්ව වගේ මේක සර් කෙන්ක්ට හදපු මඩ කතාවක් මිසක් ඇත්ත සීන් එකක් නෙවේ.
ටියුබ් ලයිට් මල්ලිලා ලඟ ඉන්න මල්ලිලාගෙන් අහගන්න. ඒ උනාට නංගිලා ලඟ ඉන්න මල්ලිලාගෙන අහන්න එපා.

No comments:

Post a Comment