Friday, January 28, 2011

මඟුල් ගෙදර කවි – දඬුවම් දීම

කාලෙකින් කතාවක් ලියන්න ඉස්පාසුවක් තිබ්බේම නෑ. ඒත් දාන කතා සේරම ඇවිල්ලා කියවලයි ගියේ. ඇඩ්මියා අපිත් සයිට් එක දාලගිහින් කියලා පොඩි ගෝරනාඩුවක් දාල තිබ්බා. එහෙම එකක් නං නෑ. ඒත් ලියන්න කතා නොතිබ්බ හින්දයි වැඩ වැඩි හංදයි වැඩිය ආවේ නෑ.
මේක ඉස්සර අහපු කතාවක්. කියවල බලමු, මෙලෝ රහක් නැතිවෙයිද දන්නෙ නෑ.
කතාව මඟුලක් ගැන. මගුල් ගෙදර දාට ඉතින් මනමාලිට පුදුම වදයක්නෙ දෙන්නෙ. ( පේෂල් ද, මේකප් ද, තව අරකද මේකද මදිවට දවසම අර මල් පොකුරකුත් උස්සන් ඉන්න එපයි ) වෙලාවකට ගෑනුමනෙ ඕව පුරුදු කරගෙන ඉන්නෙ.., හොඳ වැඩේ කියලා හිතෙනවා. ඒකට කොල්ලො. වෙනදට අඳින සූට් එකම (අලු එකක් තමා) පොඩ්ඩක් මැදල උඩින් කෝට් එක දැම්මා, මලක් ගැහුවා. සිම්පල් ප්ලෑන් එකක්.
ඉතින් මෙහෙව් මඟුල් ගෙදරක් ගමක තිබ්බා. මනමාලිව පුන්චි කාලෙ ඉඳන් දන්න ගමේ කෙනෙක් මේ මඟුල් ගෙදර ආ වෙලාවෙ දැක්කා මනමාලිගෙ මහන්සි පාට මූන. මිනිහා කවිකාරයා. කාටත් ඇහෙන්න කීව මෙහෙම.
සුදුවන් රන් මනාලිය නෙක සලු පිළි අන් දා
මෙතරම් වද දිදී කොහි ගෙන යනවද මන් දා
මඟුල් ගෙදරට ඇවිල්ලා හිටියා ලාස්ට් රෝ ඩයල් එකක්. ( ඒ කිව්වෙ කට කැඩිච්ච එකෙක්. :D ) මිනිහා මෙහෙම කිව්වා.
පොඩි කාලේ ඉඳන් ගෙයි දඟ වැඩි හන් දා
දඬුවම් කරන්නට යනවලු උල ඉන්        දා
—————————————————————
කතාව තේරුනාද  මන්         දා.
තේරුනු උන්ට : චී… විතරක් උඹල වගේ ජරා එවුන් ටිකක්. කුනුහබ්බයක් කියනකොට මීටර්.

No comments:

Post a Comment