Tuesday, January 25, 2011

Surprise Gift

මේ කතාවත් ඕං ලංකාවේ වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඇමරිකාවේ වෙච්ච කේස් එකක්. මම කියවපු සිද්ධියක්. ඇමරිකාවේ වුන නිසා ඇත්ත වෙන්නත් පුළුවන්. ලංකාවේ කියලත් ඉතින් සිද්ධ වෙන්න බැරි කමකුත් නෑ. හැබැයි මේක වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි. මේකේ කතා නායකයා ලොකු කොම්පැණියක පොරක්. මිනිහා ඉතින් කසාදයක් එහෙම කරගෙන ළමයි දෙන්නෙක් එහෙම ඉන්න අවුරුදු 45ක විතර ඩයල් එකක්. කොහොමහරි ඔන්න දවසින් දවස ගෙවිලා ඔය මෑන් මේ ලෝකෙට පහල උන දවස එහෙම නැත්නම් දන්න සිංහලෙන් කියනවානම් බර්ත් ඩේ එක උදාඋනාලු.

උපන් දවසනේ……… ඉතින් උදේම නැඟිටලා බිරින්දෑට උපන් දිනේ මතකද ? සුභ පතයිද?? කියලා කල්පනා කර කර පොර කුස්සිය පැත්තට කිට්ටු කරාලු. මෑන් ” ගුඩ් මෝර්නින් ” කීවලු. ගෑණිත් ” ආ උදේම නැඟිටලානේ අද ගුඩ් මෝනින් ” කියලා ගෑණිගෙ පාඩුවේ වැඩලු. පොරට මාරම අවුල්ලු. මෙච්චර කාලෙකට ගෑණි පොරගේ උපන්දිනේ අමතක කරල නෑලු. කමක් නෑ ලමයින්ට මතක ඇතිනේ කියලා පොර  හිතහදා ගත්තලු. අනේ ලමයි දෙන්නත් නැඟිටලා ආවලු. ඒත් එකෙක්ටවත් වගේ වගක් නෑලු. ඕන එකක් කියලා ෆුල් අප්සට් එකේ පොර වැඩට යන්න පිටත් වුනාලු. ඔය වගේ සීන් එකක් උනහම දවසම මස්තේ කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මස්තේ පිට ගිහින් මිනිහගේ කන්තෝරු කාමරයට් යද්දිම මෑන්ගේ පුද්ගලික ලේකම් කටපුරා හිනාවෙලා සුභ පැතුවලු උපන් දිනේට. ඒ කරලා මේ ගෑණි ඇහුවලු ” ඇයි සර් අද වගේ දවසකත් අවුලෙන්? මොකක්ද ප්‍රශ්නේ ? ” කියලා. උඹලා දන්නවනේ ඔය පුද්ගලික ලේකම්ලටත් ඕනේ නැති දෙයක් නෑනෙ. අනික ඉතින් ඇමරිකාවෙ හිටියත් ගෑණියෙක්නේ. ඉතින් ඕප දූප හොයන එකේ වෙනසක් නෑ. කොහොමහරි පොරත් අවුලට හේතුව අර ගෑණිත් එක්ක කියලා. පස්සේ අර ගෑණි කීවලු ” ගණන් ගන්න එපා සර්. සර් අද මාත් එක්ක දවල් කෑමට එලියට යං. උපන් දිනේ සමරන්න,මම අද සර්ට surprise gift (අනේ කොල්ලනේ මෙකට කියන සිංහල වචනයක් නම් එන්නේ නෑ. සමහරවිට විස්මය තෑග්ගක් වගේ එකක් හරියයි.) එකක් දෙනවා කියලා” කියලා.

වේලි වේලි හිටපු එකාට ඉතින් හෙන පල්ලමනේ. මූත් විනාඩියෙන් විනාඩිය ගණන් කර කර හිටියලු කෑම වෙලාව එනකම්. පොර දැන් කල්පනා කරනවලු මොකක්ද මේ එක කියලා. උඹලා දන්නවනේ ඔය ඇමරිකාවෙ පු.ලේලට ඉතින් අපේ ඈයන්ට වගේ සදාචාරයක් නෑනේ. ඉතින් මුගෙත් අර කැත හිතත් පොඩ්ඩක් වැඩ කරන්න ගත්තලු. පොර ඒත් හිතාගත්තලු හරියට වැඩේ ස්ථීර වෙනකම් අතවත් තියන්නේ නෑ කියලා. ඔන්න කෑම වෙලාව ආවලු. මූත් ඉතින් දත කට මැදගෙන කන්න ලැබෙන කෑම එක ගැන හිත හිතා ගියාලු එලියට. මිනිහා හිතුවා වගේම සුවීප් එකක් ඇදෙන්නලු යන්නේ. මොකද අර ගෑණි මූව එකන් ගියේ ඒ ගෑණිගෙ ගෙදරලු. ගිහින් මූව සාලේ සැප පුටුවක වාඩි කරවලා අර ගෑණි පොරට කීවලු ” පොඩ්ඩක් ඉහිල් වෙන්න  ( දන්න සිංහලෙන් කීවොත් Relax වෙන්න ), මම ගිහින් Gift එක ගේනකම් කියලා. දැන් පොරට 100% ශුවර් මොකක්ද මේ දෙන්න යන ගිෆ්ට් එක කියලා. උඹලට ඉතින් කියන්න ඕනේ නෑනේ තනියෙන් ගෑණියෙක් ඒකිගේ ගෙදර මිනිහෙක් එක්ක ගියහම ඒ මිනිහට මොකද හිතෙන්නේ කියලා. අනික උඹලා වගේ සදාචාර සම්පන්න නෑ බං ඔය ඇමරිකන් කාරයො. උඹලා වගේ පින්වන්ත දරුවන්ටත් එහෙම හිතෙන එකේ අරූ ගැන කවර කතාද?
 
මිනිහා ඉතින් relax වෙන්නත් කියපු නිසා සියළුම ඇඳුම් එහෙම උනාදමලා උපන්දිනේ දවසේ උපන් ඇදුමෙන්ම ඉන්නවලු අරකි එනකම් අහවල් එකට( අහවල් එකට කීවේ ඒකට තමයි උඹලට ඉතින් ඕක ආයේ විස්තර කොරන්න දෙයක් නෑනේ. ). ඔහොම ඉන්න කොට මෙන්න එක පාරටම අරූගේ ගෑණියි ළමයිනුයි අර පෞද්ගලික ලේකම්තුමියයි කට්ටියම උපන් දින සින්දුවත් කියාගෙන සාලේට ආවලු තඩි කේක් ගෙඩියකුත් අරගෙන. අනේ අර අසරණයා හීනෙකින්වත් හිතුවෙ නෑ පොරට මෙහෙම වෙයි කියලා. උපන් ඇඳුම පිටින් පොළව පලාගෙන යන්න කියලද? එතනින් එහාට ඌට මොකද උනේ කියලා වැඩක් නෑ. අන්ත දුක්ඛිතයි.අනේ අර පෞ. ලේකම්වත් සෙට්කර ගෙන මුගේ වයිපරේ මුගේ උපන් දිනේට මුට surprise  එකක් දෙන්න හදලා තියෙන්නේ. කොහොමද සෙට් උන surprise එක පොරට. 

ඔන්න ඕක නිසා තමයි උඹලටත් කියන්නේ කැත හිත කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ කියලා. කියවලා බලලා හිතට ගන්න ඕනේ මෙවා. කාට කාටත් හොඳ පාඩම්…………

No comments:

Post a Comment