Tuesday, January 18, 2011

Operation ස්කන්ධ කුමාර

සෑහෙන කාලෙකට පස්සේ කතාවක් ලියන්ඩ මතක් උනේ… මේකත් දෙවියන්ට සම්බන්ධ සීන් එකක්.. මේ කතාව අපිට කිව්වේ අපේ chemistry ටියුෂන් කරපු සර්. ගණ දෙවියන්ට අලියෙක්ගේ (ඇතෙක්ගේ) හිසක් ආව විදිහ තමයි මේ කතාවෙන් කියවෙන්නේ… මේ සිද්ධියට කතරගම දෙවියන් (ස්කන්ධ කුමාර) සහ වල්ලිඅම්මත් (කතරගම දෙවියන්ගේ බිරිඳ) යන දෙන්නත් සම්බන්ධයි… මේක වෙලා තියෙන්නේ කතරගම දෙවියෝ වල්ලිඅම්මට try කරපු කාලේලු. කතරගම දෙවියෝ කොච්චර try කරත් හරි ගියේ නැතිලු. වල්ලිඅම්ම සත පහකට ගණන් ගන්නේ නැතිලු කතරගම දෙවියන්ව. ඉතින් මේකට කොහොම හරි විසඳුමක් හොයල දෙන්න කියල කතරගම දෙවියෝ ගියාලු ගණ දෙවියෝ හම්බෙන්න. ඒ දවස් වල ඉඳලම ගණ දෙවියෝ ඉතින් සිරා මොළ කාරයාලු. ඉත්න් දෙන්නා කතා වෙලා, ගණ දෙවියෝ ගැහුවලු සිරා ප්ලෑන් එකක්. වෙන්නේ මෙහෙමයි. වල්ලිඅම්මා නාන්න එන තැනකට ගණ දෙවියෝ අලියෙක් (ඇතෙක්) ගේ වේශයක් මවාගෙන දුවගෙන එනවා වල්ලිඅම්මට අනතුරක් කරන්න, එතකොට කතරගම දෙවියෝ මැදට පැනල වල්ලිඅම්මව ඇතාගෙන් බේරාගන්නවා… හැබැයි එක කොන්දේසියක් උඩ. එක තමයි සීන් එක ඉවර උනාට පස්සේ මතුරපු වතුර එකක් ගණදෙවියන්ගේ ඇඟට ගහන්න ඕනේ ආපහු මිනිස් වේශයක් එන්න නම්. මේක one and only time වැඩක්. ඉතින් හරියට උනේ නැත්තන් ගණ දෙවියෝ සදාකාලික අලියෙක්. ඉතින් කොහොම හරි ප්ලෑන් එක දෙතුන් වතාවක් මතක් කරගෙන දැන් දෙන්නා ඉන්නවා වල්ලිඅම්මා එනකන් හැංගිලා… වල්ලිඅම්මා ඇවිත් නාන්න පටන් ගත්ත විතරයි අපේ ගණ දෙවියෝ එනවා ඇත් වේශයෙන් දළ දෙකත් වල්ලිඅම්මගේ පැත්තට aim කරගෙන. එතකොටම කතරගම දෙවියෝ හින්දි ෆිල්ම් එකක නළුවා දුෂ්ටයාගෙන් නිළියව බේරාගන්නවා වගේ පැනපි මැදට. ඇතාව දැක්ක විතරයි වල්ලිඅම්මා කලබල වෙලා අනේ ඉතින් මොන තරන් ගණන් ඉස්සුවත් දැන් ඉතින් පිහිටට ඉන්නේ කතරගම දෙවියෝ විතරනේ කියල දුවගෙන ඇවිත් කතරගම දෙවියන්ගේ අන්ගේ එල්ලුනලු. ඒක ඉතින් ප්ලෑන් එකේ කොටසකුත් නෙවෙයි. ඒ වගේම ඉතින් කතරගම දෙවියොන්ටත් ඉතින් “දෙයියෝ” දුන්නා වගේ නේ.. මේ ජරමර අස්සේ අර මතුරපු වතුර ටික තියන් හිටපු භාජනේ කතරගම දෙවියෝ අතින් බිම් වැටිලා සැහෙන වතුර ප්‍රමාණයක් බිමට කාන්දු උනාලු. පස්සේ ගිහින් ඇත් වේශයෙන් හිටපු ගණ දෙවියන්ගේ කකුල් වල ඉඳල උඩට දිව්‍ය ජලය වත්කරගෙන එනකොට බෙල්ල ලඟදි වතුර ඉවර උනාලු… අනේ ඉතින් එදා ඉඳලා ගණ දෙවියන්ට ඉතින් තාමත් කතරගම දෙවි පිහිට තමයිලු…

1 comment:

  1. මෙයින් කියවෙන්නේ උඹ chemistry ටියුෂන් ගිහින් තියෙන්නේ පින්නපොල සර්ගේ බවයි. හරි නේද මම? හී...හී..

    ReplyDelete