Monday, January 24, 2011

සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුඑන්සා

කැම්පස් එකේ ඉංගිරිසි දැනුම දුරුවල එකෙක්ට බයිටට කියන කතාවක් මේක. “කැතලික් නංගි” කතාව දැක්කහම ආපහු මතක් උනා. හිනා යන එකක් නම් නෑ.


කතා නායකයට අපි “ජයන්ත” කියලා බොරු නමක් දෙමු.


ඔන්න ජයන්තයා කැම්පස් එන්න බස් එකට නගිනවා. උපතින්ම පැණියෙක් වෙච්ච මෙකාට බස් එකේ හිටිය විදෙසික කෙල්ලේක් ගාව ඉද ගන්න සෙට් වෙනවා. ජයන්තයා පොත් පත්තර TV එකෙන් රැප දැකලා තිබුනාට සුදු කෙල්ලෙක් පන පිටින් ලයිව් දනින පළවෙනි වතාව තමයි මේ. මේකත් ඉතින් කටත් ඇරගෙන බලා ගෙන ඉන්නවා කෙල්ල දිහැ.


කොහොම හරි මේ කෙල්ලටත් හෙම්බිරිස්සාවක් හැදිලා. නහය පිහ පිහ තමා ඉන්නේ. මෙකිට හෙන අප්සෙට් ජයන්තයා කට ඇරගෙන බලාගෙන ඉන්නකොට. බැරිම තැන මෙකි කියනවාලු.


“අයි ඇම් සෆරින් ෆ්‍රොම් ඉන්ෆ්ලුඑන්සා” (I’m suffaring from influenza)


ජයන්තයාගේ හැටි නොදන්න සුද්දි හිතුවේ මෙකා දැන්වත් වෙන තැනකට යයි කියලා. කොහෙද මෙකා දත් 32කම විලිස්සලා හිනාවෙලා සුද්දිට කියාපි..


“නයිස් ටු මීට් යු, අයි ඇම් ජයන්ත ෆ්‍රොම් පිලියන්දල” (Nice to meet you, I’m Jayantha from piliyandala)


කොහොම හරි කැම්පස් එකට සින් එක මාට්ටු උනාම මු ගැලවිමට කිව්වේ කවුද බං ඔවා දන්නේ මම හිතුවේ මේ “සෆරින්” කියලා “ඉන්ෆ්ලුවන්සා” වලින් ආපු කෙල්ලේක් මට ඒකිගේ නම කියන්න හදනවා කියලා.


මේකාට ඉංගිරිසිය විතරක් නෙවේයි භුගෝලයත් හොදටම අප්සෙට් බව හැමෝටම ක්ලික් උනේ එදා තමයි.

No comments:

Post a Comment