Sunday, January 23, 2011

රාවනා…..

කාලෙකින් කතාවක් දාන්නත් බැරි උනා…මේ දවස් වල බිසීනේ අනේ( එහෙම පෙන්නනවා විතරයි )…හ්ම්ම්ම්ම්..
මේක මගෙ යාලුවෙකුට උන ඇත්තම ඇත්ත සීන් එකක්…
මේකයි කතාව…මගෙ යාලුවා ගියාලු ට්‍රිප් එකක්…මේක ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක්මත් නෙවෙයි….පොඩි හයික් එකක්….ගියේ රාවනා කන්දට…
දැන් අපේ මෑන්ස් නගිනවලු කන්ද මුදුනට…දැන් පට්ටම මහන්සිලු පොරට…පොඩ්ඩක් ගිමන් අරින්න කියලා වාඩි උනාලු ගලක් උඩ…මේන් එක පාරටම කජ්ජෙ කජ්ජෙ ගාලා සද්දයක් එනවලු…අපේ එකාට සැරටම බය හිතුනලු….මේ පාලු කැලේ එන සද්දෙ මොකක්ද කියලා…මේන් ඒ පර ඇහෙනවලු පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා..අපේ මෑන්ස් බය ඇතෑරල පොඩ්ඩක් විපරම් කරල බැලුවලු සීන් එක මොකද කියලා…(ආතල් නෙ මෙයා කැලේ මැද  පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා ඇහෙනකොට ) ….
ඔන්න අපේ එකට පේනවලු හැඩිදැඩි මිනිහෙක් තමන්ගෙ පැත්තට එනවා…පොඩි වෙලදාම් තට්ටුවකුත් කරේ තියාගෙන(අර බස් වලට එහෙම නගින්නෙ තිබහට කූල් වතුර එකක් කියාගෙන..ආන් ඒ වගෙ තට්ටුවක් තමා)…
මිනිහා ලගටම ආවලු…ඇවිත් බොහොම අහින්සක විදියට ඇහුවලු මහත්තයා මොනවද ඕන කියලා…අපේ එකාත් පෙපර්මින්ට් එකක් එහෙම අරගෙන…මේ පාලු කැලේ මෙ යෝධයා මොනවද? කරන්නේ කියලා ටෝක් කරනවලු….(සමහරවිට කෙල්ල පන්නගෙන ඇවිල්ල කන්ද උඩ කඩයක් දාගෙන් ලුනුයි බතුයි කන කොල්ලෙක්ද දන්නෑනේ) ..
අයියා ඔයා කව්ද?
මල්ලි මම රාවනා
(අපෙ මෑන්ස් පුල් කර්ප්ට්ලු.. ඇයි දෙවියනේ රාවනා හිටියේ ගල් යුගේටත් යුග දෙකකට විතර කලින්නේ  )
නෑ අයියා ඔයා රාවනා වෙන්න බෑ…
නෑ මල්ලි මම රාවනා
අපේ එකාට සීන් එකට අවුල්ලු….
අයියා ඔයා රාවනා නම් කෝ ඔයාගේ ඔලු දහය…
මල්ලි කන්න බොන්න විදියක් නැතුව ඒවා ඔක්කොම medical studentලට විකිනුවා…මේක දුන්නොත් මම මැරෙන හින්දා තියන් ඉන්නවා….
එතකොට කෝ අයියේ දඩුමොනරෙ
ෆිනෑස් ඇරියස් වෙලා ඒක සීස් කරනෙ මල්ලියො…..
(කියලා බොහොම දුක හිතෙන විදියට කිව්වලු….අපෙ මෑන්ස්ටත් අප්සට්ලු….කොහොමට හිටිය මිනිහෙකද?)
අයියා ඔයාට ඇත්තටම මොකඩ උනේ……

බලන්න මල්ලි ඉන්දියාවෙන් බඩුවක් උස්සන් ආවත් හරි කිසිම වගතුවක් නෑනේ….

No comments:

Post a Comment