Friday, January 28, 2011

නමෝ විත්තියෙං ඔන්න බණ කතාවක්….

හා හා පුරා කියලා අන්තිම පේලියට බණ කතාවක්ම ලියන එක හොඳයි කියල මම හිතුවා,සිංහල අපි ඉතිං ඕනම කර්තව්‍යයක් පටං ගන්නෙ බණක් කාරිය කියල නෙව
මෙතන හැබැයි පොඩී පුරස්නෙකට තියෙන්නෙ මේක අර බණ ස්ටයිල් එකෙන් ලියන අසභ්‍ය කතා තියෙන්නෙ ( එහෙම කැටගරි එකක් තියේනම් ), අන්න ඒ ගොඩට තමයි වැටෙන්නෙ,ඉතිං මුලිංම කියල හිටින්නං පොඩි ළමයි එහෙම ඉන්නවනම් මෙතනින් එහාට කියවීම සපුරා තහනම්, හරී?
මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි, දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්,
පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ…. මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො,
ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, “ඒයි……. ඒයි….. මේ …. මේ……” කියාගෙන,මනුස්සය හින්ද  උඹ කුද ගහගනිං කියන්ඩත් බැහැ නෙව,අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ “මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල් ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා………….” කියලා ඇඳන් ඉන්න වස්තරේ ගලවනවා, පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව,  ඊට පස්සෙ දෙන්නම බුදි, ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ,

දැං තමයි ඇත්තටම බණ කතාවට එන්නෙ,

එදා ඇසළ පුර පෝය දවසෙ පංසලේ බණ, සෙනග ඊස් මීස් නැහැ, බණ ගෙයි පිරිල, එලියෙ හිටං, ලොකු හාමුදුරුවො බණ කියනවා, අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉන්නව,
ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම, පව්, වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා, ටික ටික සද්දෙ වැඩි උනා,ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා , මොන….. එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව,
බැරිම තැන හාමුදුරුවො බණ නැවැත්තුවා, ඒ කරල පීතර අයියා දිහා බැලුවා, පීතර අයියටත් වස ලැජ්ජාව, බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන,පීතර අයියා කරපු වැඩේ, “ඒයි..ඒයි…..මේ……” කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා,

අනේ පිංවතුනි, ඔන්න බලන්න, සිදුවූ  විපැත්තියක මහත, පීතර අයියා මෙසේ “ඒයි…. ඒයි…. මේ….” යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි,
එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස “මොන මළ කරදරයක්ද මන්දා…………… ආ ,ඉඳා” යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ……. ප්‍රදේශය නිරාවරණය කලාහුය,
ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වටාපත ගෙන මුහුණ වසාගත් සේක,
බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය,

ඔන්න ඉතිං බණ කතාව නම් අහවරයි,
තව ටිකෙං මේ ටික අමතක වෙනව, එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ,

No comments:

Post a Comment