Thursday, January 20, 2011

සුද්ද පිට්ටු කාපු හැටි

මේක හුහක් ඉස්සර පත්තරේක ගියපු කතාවක්. ගොඩක් දෙනෙක් අහල  නැතුව ඇති කියල හිතල තමයි ලියන්නෙ.
pittu
එක හොටෙල් එකක හිටපු සුද්දෙකුට බඩගිනි උනාලු. පොර ඒ පාර රූම් සර්විස් එකට කතා කරල මෙනූ එක ගෙන්න ගත්තලු. මෙනූ එක බලල පොර ඕඩර් කලාලු පිට්ටු. ඒ සුද්ද පිට්ටු කෑවෙ එදාමලු. පස්සෙ වේටර් පිට්ටු ගෙනාවලු ලුනු මිරිසුයි, පොල් කිරියි එක්ක.
සුද්දො කවද කාපු පිට්ටුද? ඉතින් මේ සුද්ද ඉන්ග්‍රීසි ක්‍රමේට පිට්ටු කන්න කියල හිතල, මුලිනම් පොල් කිරි එක බිව්වලු සුප් එක කියල හිතාගෙන. ඊට පස්සෙ අමාරුවෙන් වතුර බිබී පිට්ටු කෑලි දෙකත් කෑවලු. අන්තිමට ඩෙසර්ට් එකට වගේ කෑවලු ලුනු මිරිස්  ටික. ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕනෙ නෑනෙ.

No comments:

Post a Comment