Thursday, January 20, 2011

විදුලි වැට​

මේ කතාව අපි 2009 දි ගිය කතරගම trip එක​ ගැන​. trip එක​ යන්න අපි 6 දෙනෙක් හිටියා. මම​, සුදු මල්ලි, සුරා, o2, ටාසන් සහ ජයේ (ජයේ කිව්වට ඒ කොල්ලගෙ ඇත්ත නම ඒක නෙවෙයි, සම්පූර්ණ නම පුරාවිද්‍යා අපකීර්ති ජයපාලන්. ඒ නම දිග වැඩි නිසා ජයේ කියනවා)
කතරගම යනව කියල ගියාට අපි හිටියෙ තිස්සමහාරාමෙ, සුරාගෙ මහගෙදර​.
එහේ ගිහින් තුන්වෙනි දවසෙ අපි සිතුල්පව්ව බලන්න යන්න හිටියෙ, පහුගිය දවස් දෙකේ මතට තිත තියන්න තිබුන අමාරුව නිසා කට්ටියටම වැඩිය සල්ලි තිබුනෙත් නෑ. සිතුල්පව්වෙ යන්න වාහනයක් hire එකට ගන්නවා කියන්නෙ ගෙදර යන්න බස් ටිකට් එක ගන්න වෙන්නෙ නෑ කියන එක​..ඒත් කොල්ලො ටික සිතුල්පව්වෙ නොයා ගෙදර යන්නෙ නෑලු.. ඉතින් මම යි සුර යි ගිහින් වාහනයක් හොයන් ආවා, සුරා ගෙ යාළුවෙක්ගෙ land master එකක්. කරත්තෙන් හරි සිතුල්පව්වෙ යන්න හිටිය අපිට land master එක දැක්කම මාර ආතල් එකක් තිබුනෙ.
අපි ගමනට ready වෙද්දි, සුරා ගෙ අම්මා ඇවිත් කිව්වා, “පුතාලා යද්දි වතුර බෝතල් ටිකක් දාගෙන යන්න නැත්නම් මග දි වතුර හොයාගන්න නෑ” කියලා. ඒක ඇහුනා විතරයි සුදු මල්ලි කියනවා “අඩෝ මම වතුර බෝතලයක් ලිපට දාල ආවා, උඹල එකෙක්ටවත් දෙන්නෙ නෑ” කියලා. filter දාල නැති සුදු මල්ලි ගෙ කටින් එහෙම කියවුනාට මිනිහට කියන්න ඕනවුනේ වතුර බෝතලේ fridge එකට දාලා ආව කියලා.. එහේ වතුර ටිකක් කිවුල් නිසා අපි වතුර බිව්වෙ cool කරලා.
සුරා ගෙ ගෙදර ඉදන් සිතුල්පව්වට 20km විතර යන්න ඕන​. එදා දවසෙ අපි land master එකේ 60km විතර ගියා..එකෙක්වත් අත පය කඩාගන්නෙ නැතුව ගෙදර ඇවිත් dinner එකත් අරන් ගෙදර ඉස්සරහ හදල තිබුන බංකු 2ක් උඩ වාඩි වෙලා එක එකාට මතක් වෙන කතා කිය කිය හිටියා. ඒ කතා අතරේ අලියෙක් ගැන කියපු ගමන් ටාසන් ඇහුවා සිතුල්පව්වෙ යද්දි දැක්ක විදුලි වැටේ කරන්ට් එක තියෙන්න ඇතිද කියලා.

“ටාසන් උඹ හීනෙන් බය උනාද​? අපි ගිය පාරේ විදුලි වැටක් තියා වැටක් ගහන්න කණුවක්වත් හිටවලා තිබුනෙ නෑ” කියල සුරා ටාසන් ට කිව්වා. (සුදු මල්ලි කියන විදිහට ටාසන් කියන්නෙ hard disk එකයි RAM එකයි දෙකම නැති චරිතයක්. ඇත්තටම ටාසන් ට memory short වෙන case එකක් තියෙනවා.)
“ඇයි බං අර පාර දිගටම ගහල තිබුනේ රෙදි වැලක් ද?” කියල අහගෙන o2 ත් කතාවට set උනා. (o2 යනු ඔටුවා යන වචනය සංශෝදනය කර සාදාගත් වචනයකි)
however සුරා, මම & සුදු මල්ලි එකතු වෙලා විදුලි වැට විවාදෙන් ටාසන් සහ o2 පරාද කෙරුවා.
ඊටපස්සෙ හොඳම seen උනේ ගෙදර ආවම​. මම o2 එක්ක සුදු මල්ලිලා ගෙ ගෙදර ගියා trip එකේ photo බලන්න​. photo බලාගෙන යද්දි o2 දැක්කා විදුලි වැටේ photo එක​. **** මේ තියෙන්නෙ ***ද කියල අහගෙන වාඩි වෙලා හිටිය පුටුවෙනුත් නැගිටල o2, moniter එකට අත තියලම ඇහුවා. ඒ නැගිටපු speed එකෙන්ම ආපහු පුටුවත් පෙරළගෙන o2 බිම වැටුනා. මිනිහට moniter එකෙන් කරන්ට් වැදිලා.. moniter එකෙන් කරන්ට් වදින එක ඒ තරම් ලොකු දෙයක් නොවුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන් දේවල් වලින් o2 බයම කරන්ට් වදින එකට​.

No comments:

Post a Comment