Thursday, February 3, 2011

ඉස්කෝලේ බයිලා

ඉස්කෝලේ කාලේ එක එකා හදපු බයිලා අහන්ඩ අන්තිම පේලියේ හිටපු එකෙක්ම වෙන්ඩ ඕන නෑ. ඕන එකෙක් දන්නවා. සමහරු ඒ අස්සේ බයිලා හදලත් කියනවා. ඔය බයිලා වල අඩු වැඩි වශයෙන් එක එක ලෙවල් එකේ කුනුහරුප කැලිත් තියනවා. ගොඩක් වෙලාවට බයිලා ඉස්කෝලේ කාලේ කියපු කුණුහරුප සින්දු වලට වඩා වෙනස්. එව්වගේ තාලෙත් මරු. කුනුහරුප වචන එකක් දෙකක් තිබ්බ්ට ඒකේ තිබ්බේ කුනුහරුප ආතල් එකෙක් නෙවේ.
ඉස්සරලම ඔය තාලෙකට කියලා හදපු සිංදුවක් කිව්වේ එක වසරෙං. එක මේ ලංකාවේ ඉස්කෝලෙකට ගියපු ඕන පොඩි එකෙක් දන්නවා.
“ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ    වැටීලා
ලිඳේ තිබුන කෝටු බෝටු _කේ ඇනීලා”
ඕක මම ඉස්සරලම කොල්ලෙක්ගෙන් අහගත්ත දවසේ ගෙදර ඇවිල්ලත් කෑ ගගහා කිව්වා. එතකොට අම්ම කිව්වා. “පුතේ ඔය කියන එක වැරදියි , හරි එක තමා ලිඳේ තිබුන කෝටු බෝටු බඩේ ඇනීලා… කියන එක ” කියලා. එක වසරේ හිටියත් ඒ දවස් වලම මට තේරුනා අම්ම ඒක කිව්වේ මාව අන්දන්න කියලා.
තව හතේ අටේ පංතිවල ඉන්නකොට මතකයි අපේ පංතියේ හිටියා බයිලා කියපු සෙට් එකක්. මට උන් කියපු ඔක්කොම මතක නෑ. මතක ටික මෙහෙමයි.පොඩ්ඩක් ස්පීඩ් කියන්නේ.චන්ද සීන් තමා උන් වැඩිපුරම කියන්නේ
“මොකද කරන්නේ          පිදුරුද කන්නේ
ගැනු චන්ද සේරම ටික මටයි වැටෙන්නේ
මම වැන්දා            ජනතාවට වැන්දා
මගෙ චන්ද ලකුන කලුගෙඩි ඉබ්බා
ඌ රේස් දුවල උගෙනම් තිබ්බා”
ඔක දිගට තියනවා. ඉතුරු ටික මතක නැ. those days  නෙ මෙයා.
ඉස්කෝලේ කාලේ කියපු බයිලා වල හෙනම ප්‍රසිද්ද සීරීස් එකක් තමා “රේල් පාරේ” බයිලා සීරිස් එක. එතන සිංදු සැහෙන්ඩ තිබ්බා. සමහර එව්වගෙ කුනුහරුප කැලිත් තිබ්බා.”රේල් පාරේ” සීරීස් එකේ හැම සිංදුවක්ම ගොඩක් වෙලාවට පටංගන්නේ “රේල් පාරේ මම යනකොට ” කියලා.
රේල් පාරෙ මම යනකොට කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලනකොට දෙමලි පඩිනවා
සමහර කෙල්ලෝ ඔය “පඩ” කැල්ල කියන්න බැරි කමට සින්දුවේ අග වෙනස් කරලා “දෙමලි බනිනවා” කියලා කියනවා.
රේල් පාරෙ මම යනකොට සැමන් ටින් එකක්
ඒක ඇතුලේ ලව් කර කර නාකි ජෝඩුවක්
රේල් පාරෙ මම යනකොට රිලා මැච් එකක්
එක රිලවෙක් දෙකට නැමිලා ඇරියා පඩ දෙකක්
රේල් පාරෙ මම යනකොට දිග දිග කම්බී
උඹෙ මල්ලිට නම තිබ්බේ පු_ දිග තම්බී
රේල් පාරෙ මම යනකොට පොලිස් ජිප් එකක්
ඒකේ හිටපු රාලහමිගේ _කේ පැච් එකක්
රේල් පාරෙ මම යනකොට පෙට්ටි බානවා
පෙට්ටි ඇතුලේ පොඩි කොල්ලෙක් බෙ** බානවා
රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන අක්කලාගේ බනිස් පේනවා
රේල් පාරේ සීරීස් එකේ මතක ඔච්චරයි.ඔයිට අමතරව “තොපේ තාත්තයි අපේ තාත්තයි” සීරීස් එකක් තිබ්බා. සමහරු ඔය කුනුහරුප කැලි වලට තාත්තලා ගාවගන්න එක හොඳ නැ කියලා ඕක “තොපෙ අය්යියයි අපේ අයියයි” කියල හරි “තොපේ බාප්පයි අපේ බාප්පයි” කියලා රිප්ලේස් කරනවා. සමහරු “තොපේ” කියන එකත් “උඹේ” කියලා දානවා. මම අහපු විදියට “තොපේ තාත්තයි අපේ තාත්තයි” සීරීස් එකේ මතක කවි දෙක තුනක් .
තොපේ තාත්තයි පුවක් කපනවා
තොපෙ තාත්තගෙ ගිරේ නැතුව පු_න් තලනවා
තොපෙ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
තොපෙ තාත්තගේ වකුටු පු_ට කපුටො කොටනවා
මම කෙල්ලෙගෙන් ඇහුවා කෙල්ලෝ මේ වගේ බයිලා සීන් කියන් නැද්ද කියලා. එතකොට කෙල්ල මෙහෙම එකක් කිව්වා.
“තොපෙ අම්මයි අපෙ අම්මයි තරඟෙට පොල් ගෑවා
අපේ අම්ම තොපෙ අම්මට පොල් බෑයෙන් ලෑවා”
ඔය තාත්තලාගෙ සීරීස් එකේ මගෙ ෆේවරීටම තමා මේක
තොපෙ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
තොපෙ තාත්තගේ සරම කැඩුන සබාව මැද්දේ
දැනට මතක ඔච්චරයි මෙයා.මතක් වෙන මතක් වෙන වෙලාවට බයිලා කැලි කොමෙන්ට් වල අප්ඩේට් කොරන්නම්.පල්ලේහා කොමෙන්ට් වල තමං දන්න දන්න එව්ව දාහල්ලා.හැබැයි කුනුහරුප වචන දාන්න එපා ඇඩ්මින් සැරයි.එයාට කුනුහරුප පේන්න බෑ.
ආහ් තව එකක් මතක් උනා කොල්ලෙක් පංතියෙ ගේමට බයිලා කියගන්නකොට අන්තිමේට මේ පද දෙක කිව්වා(මුල මතක නැ )
“සුද්දා මෙහෙට ආපු එකයි හරහට හිටියේ
උඹේ අම්මට උඹ විතරයි ගොනෙකුට හිටියේ”

1 comment: