හවස හතර විතර වෙද්දි වැඩේ ඉවරයි. අකිලය බැඳපු එකා (ඔව් ඔව් නාස් ලනුව දාගෙන ඉන්නෙ) ඉතිං ගෙදරින් බර බරේ හින්ද ඌ වැඩේ ඉවර උන ගමන්ම ගියා. දැන් ඉතිං අපි තුන් දෙනා මොකද කරන්නෙ කිය කිය ඉද්දි අසේලය කිව්ව බීච් යමු කියල. ඒ යෝජනාවත් එකෙන්ම සභා සම්මත උනා කියමුකො. කොහෙ යන්නත් කලින් කඩේකට ගිහින් කාල ඉමු කියල පාරට එද්දිම ගයානයට කෝල් එකක් ආව තාත්තට පොලඟෙක් කාල කියල. වැඩිය අමාරුනම් නෑලු ඒත් ඉතිං ඌ යන්න එපැයි. ඌව එහෙමම බස් එකකට නැග්ගුව ගෙදර යන්න, දැන් ඉතුරු අසේලයයි මායි විතරයි. අපිට ඉන්න බෑ බඩගිනියි. කන්න යමු කියල දෙන්නම දැන් කඩයක් හොයාගෙන ඇවිදිනව කොලඹ පැත්තට. කිව්වට විශ්වාස කරන එකක් නෑ 3Km ගියත් කන්න කඩයක් හොයාගන්න බැරි උනා (නත්තල් දාට කලින් දානෙ). එහෙන් පයින් ගිහින් මහන්සියි.
කොහොමහරි බස් එකකට නැගල ආපහු මීගමුවෙ ටව්න් එකට යමු කියල ඔන්න ආව. යාන්තම් කඩේකුත් හම්බුනා. දැන් බඩකට පිරිල තියෙන්නෙ වෙලාවත් 6 ට විතර ඇති. මොකද කරන්නෙ කියල ටව්න් එකේ ඇවිද ඇවිද ඉන්නවකොට තව යාලුවෙක් සෙට් උනා ඌටත් කරන්න දෙයක් නැතුව ඉදල තියෙන්නෙ. ඔන්න CIB (ටිකක් ලොකු ඇඳුම් කඩයක්) එක ලඟට ආව ඒක ඇතුලෙ නානාප්‍රකාර කෙල්ලො නත්තලට ඇඳුම් තෝරනව. අසේලය කිව්ව යමුද ඇතුලට කියල (ඇඳුම් ගන්න නෙවෙයි… දන්නවනෙ මොකටද කියල ;)). තුන්දෙනාම එක පයින්. ඇතුලටත් ගියා කියමුකො. දැන් කරන්න දෙයක් නෑ අරක ගන්නව බලනව තියනව තව එකක් ගන්නව බලනව තියනව. ඔහොම ඉද්දි මට පොඩි අදහසක් ආව. මොකක්ද දන්නවද? අනේ මංද කියන්නත් ලැජ්ජයි දැන්නම් (ඒ වෙලාවෙ නම් කරන්නවත් ලැජ්ජ හිතුනෙ නෑ… මද පවනෙ නෙ හිටියෙ….
“කෙල්ලට Bra එකකුයි Panty දෙකකුයි ගන්න”
යෝජනාව දැම්ම අපේ උන් ආයෙ කියල වැඩක් නෑ බෑ කියන්නෙ නම් නෑ කිසිම දේකට. දැන් තුන් දෙනාම යනව කාන්තා යට ඇදුම් තියෙන තැනට. සිංහය වගෙ කිව්වට මොකද මටත් දැන් ලං වෙද්දි නිකම් මොකක්ද මොකක්ද වගෙ. එකෙක් අනිකව ඉස්සරහට තල්ලු කරනව ඌ පස්සට යනව. ඔහොම දැන් එකෙක්වත් නෑ ඉස්සර වෙන්න. එතන කෙල්ලොත් පිරිල සූ ගාල. මම අන්තිමට ඉස්සර උනා. මුලින්ම ටිකක් ඈතට වෙලා බලං හිටිය ඈත ඉඳලම තෝරගන්න හිතං. එතකොට ගත්ත සල්ලි දුන්න විතරනෙ කරන්න තියෙන්නෙ. එහෙම බෑ ඈත ඉඳල හරියන්නෙ නෑ. ගියා ලඟටම පටං ගත්ත තෝරන්න. එතන හිටිය කෙල්ලො කොහෙ ගියාද නෑ. තෝරන්න ගත්තට සයිස් දන්නෙ නෑනෙ. ඉණේ සයිස් එකනම් දන්නව. ඒත් Bra එකේ සයිස් එක. දැන් මම පටන් ගත්තට පස්සෙ අනිත් උන් දෙන්නත් ලඟට ආව දැන් තුන් දෙනාම තෝරනව ලැජ්ජාවකුත් නෑ දැන්. හොදට ඇදල බලනව. මැහුම් පාරවල් ඩැමේජ් බලනව. කෙල්ලො එකෙක්වත් එතෙන්ට එන්නෙ නෑ. ඈතට වෙලා බලං ඉන්නව අපි යනකම්. අපිත් පැය බාගයක් විතර තේරුව
ඔහොම අන්තිමට Panty දෙකක් ගත්ත. දැන් තියෙන්නෙ Bra එක. අක්ක අහනව මල්ලි සයිස් කීයද කියල.
ගත් කටටම අපේ එකෙක් කිව්වෙ නැද්ද
“අක්කගෙ සයිස් විතරම ඇති” කියල උඹලට හිතාගන්න පුලුවන්ද අක්කගෙ මූණ ඇඹුල් වෙච්ච හැටි.
කිව්වෙ කව්ද අහන්න එපා. සයිස් එක දන්න එකාම තමයි කිව්වෙ.
ටියුබ් ලයිට් උන්ට කියන්නෙ ඒක කියවුනේ මට බං…
ප. ලි :- කුඩ්ඩා කියන්නෙ මම කුඩුකාරයෙක් නෙවෙයි. ඒක මට වැදුන පරණ කාඩ් එකක්. දවසක ඒ කතාවත් කියන්නම්කො. ඒක මත්කුඩු නිසා නෙවෙයි පොල්කුඩු හින්දා වෙච්ච වැඩක් (දැනට ඒ ඇති…
No comments:
Post a Comment